ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 8:4 - Sinhala Revised Old Version

ඒ පිණිස සාදනලද ලී මංචකයක් පිට ලියන්නාවූ එස්රා සිටියේය; ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියාද ෂෙමාද අනායාද උරියාද හිල්කියාද මයසේයාද; වම් පැත්තෙන් පෙදායාද මිෂායෙල්ද මල්කියාද හාෂූම්ද හෂ්බද්දානාද ශෙකරියාද මෙෂුල්ලාම්ද සිටියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ව්‍යවස්ථා පොත කියවීම පිණිස සාදන ලද වේදිකාවක් පිට නීතිවේදියා වන එස්රා සිටියේ ය. ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියා ද ෂෙමා ද අනායා ද උරියා ද හිල්කියා ද මයසේයා ද; වම් පැත්තෙන් පෙදායා ද මිෂායෙල් ද මල්කියා ද හාෂුම් ද හෂ්බද්දානා ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ව්‍යවස්ථා පොත කියවීම පිණිස සාදන ලද වේදිකාවක් පිට නීතිවේදියා වන එස්රා සිටියේ ය. ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියා ද ෂෙමා ද අනායා ද උරියා ද හිල්කියා ද මයසේයා ද; වම් පැත්තෙන් පෙදායා ද මිෂායෙල් ද මල්කියා ද හාෂුම් ද හෂ්බද්දානා ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 8:4
16 හුවමාරු යොමු  

මක්නිසාද සාලමොන් පස් රියනක් දිග ඇති, පස් රියනක් පළල ඇති, තුන් රියනක් උස ඇති පිත්තල මංචකයක් සාදා, මළුව මැද තබා තිබුණේය; ඔහු ඒක උඩ සිට මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තමාගේ අත් විදහාගන කියනුයේ:


බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, යාෂුබ්, ෂෙයාල් සහ යෙරේමොත්ය.


හාෂුම්ගේ පුත්‍රයන්ගෙන් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලීපෙලෙත්, යෙරේමයි, මනස්සේ සහ ෂිමෙයිය.


හෝදියාද හාෂුම්ද බේශයිද;


මග්පියාෂ්ද මෙෂුල්ලාම්ද හේසීර්ද;


රෙහුම්ද හෂබ්නාද මයසේයාද; අහියාද හානාන්ද ආනාන්ද;


පෂ්හූර්ද අමරියාද මල්කියාද;


මෙෂුල්ලාම්ද අබියාද මියාමින්ද;


ෂිලොනියයාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන යෝයාරීබ්ගේ පුත්‍රවූ අදායාගේ පුත්‍රයා වන හසායාගේ පුත්‍රවූ කොල්-හොසෙක්ගේ පුත්‍රයා වන බාරුක්ගේ පුත්‍රවූ මයසේයාය.


බෙන්යමින්ගේ පුත්‍රයෝ නම් යෙෂායාගේ පුත්‍රවූ ඊතියෙල්ගේ පුත්‍රයා වන මයසේයාගේ පුත්‍රවූ කෝලායාගේ පුත්‍රයා වන පෙදායාගේ පුත්‍රවූ යෝවෙද්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ සල්ලුය.


එස්රාගෙන් මෙෂුල්ලාම්ය; අමරියාගෙන් යෙහෝහානාන්ය;


වතුර දොරටුව ඉස්සරහපිට තිබුණු එළිමහන් ඉඩම ඉදිරිපිට සිට, පුරුෂයන්ද ස්ත්‍රීන්ද තේරුම්ගන්ට පුළුවන් තැනැත්තන්ද ඉදිරියේදී පහන් වේලාවේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේය; මුළු සෙනඟද ව්‍යවස්ථාපොතට ඇහුම්කන් දුන්නෝය.


මුළු සෙනඟට ඉහළින් සිටි එස්රා මුළු සෙනඟගේ ඇස් හමුවෙහි පොත දිගඇරියේය; ඔහු ඒක දිගඅරින විට මුළු සෙනඟ නැගිට්ටෝය.


ඔව්හු තමුන්ගේ ස්ථානයෙහි නැගිට සිට, දවසෙන් හතරෙන් කොටසක් තුළ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාපොත කියෙවුවෝය; තවත් හතරෙන් කොටසක් තුළ පව් කියාදී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකළෝය.


එවිට යේෂුවාද බානීද කද්මීයෙල්ද ෂෙබනියාද බුන්නීද ෂේරෙබියාද බානීද කෙනානීද ලෙවීවරුන්ගේ මංචකයේ පඩි පිට සිට මහත් හඬකින් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකළෝය.


ලියන්නෝද ඵරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති.