සෙරුබ්බාබෙල්ද යේෂුවාද නෙහෙමියාද සෙරායාද රේලායාද මොර්දෙකයිද බිල්ෂාන්ද මිස්පාර්ද බිග්වායිද රෙහුම්ද බානාද සමඟ හැරී ආවාවූ රටේ පුත්‍රයෝ මොව්හුය. ඉශ්රායෙල් සෙනඟවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:
නෙහෙමියා 7:7 - Sinhala Revised Old Version සෙරුබ්බාබෙල්ද යේෂුවාද නෙහෙමියාද අසරියාද රයමියාද නහමානීද මොර්දෙකයිද බිල්ෂාන්ද මිස්පෙරෙත්ද බිග්වායිද නෙහූම්ද බානාද සමඟ හැරී ආවාවූ දේශයේ පුත්‍රයෝ මොව්හුය. ඉශ්රායෙල් සෙනඟවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය: Sinhala New Revised Version ඔවුන්ගේ ප්‍රධානියෝ සෙරුබ්බාබෙල් ද ජෝෂුවා ද නෙහෙමියා ද අශරියා ද රයමියා ද නහමානි ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිස්පෙරෙත් ද බිග්වායි ද නෙහුම් ද බානා ද යන මොවුහු වෙති. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ ප්‍රධානියෝ සෙරුබ්බාබෙල් ද ජෝෂුවා ද නෙහෙමියා ද අශරියා ද රයමියා ද නහමානි ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිස්පෙරෙත් ද බිග්වායි ද නෙහුම් ද බානා ද යන මොවුහු වෙති. |
සෙරුබ්බාබෙල්ද යේෂුවාද නෙහෙමියාද සෙරායාද රේලායාද මොර්දෙකයිද බිල්ෂාන්ද මිස්පාර්ද බිග්වායිද රෙහුම්ද බානාද සමඟ හැරී ආවාවූ රටේ පුත්‍රයෝ මොව්හුය. ඉශ්රායෙල් සෙනඟවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:
එවිට ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද නැගිට යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තෝය; ඔවුන් සමඟ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුද ඔවුන්ට උපකාරකරමින් සිටියෝය.
යූදාහි නුවරවල ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද තමුන්ගේ නුවරවල තිබුණු තම තමුන්ගේ උරුමවල වාසයකළෝය. යෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොව්හුය.
ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යේෂුවාද, සමඟ ආවාවූ පූජකයොත් ලෙවීවරුත් මොව්හුය: සෙරායා, යෙරෙමියා, එස්රා;
යේෂුවාට දාව යෝයාකීම් උපන්නේය, යෝයාකීම්ට දාව එලියාෂීබ් උපන්නේය, එලියාෂීබ්ට දාව යෝයාදා උපන්නේය,
සල්ලු, ආමොක්, හිල්කියා සහ යෙදායාය. මොව්හු යේෂුවාගේ දවස්වලදී පූජකයන්ගෙන්ද ඔවුන්ගේ සහෝදරයන්ගෙන්ද ප්‍රධානියෝව සිටියෝය.
එවිට රජු මට කථාකර: නුඹට අසනීපයක් නැති කොට නුඹේ මුහුණ මලානිකව තිබෙන්නේ මන්ද? මේක සිතේ කනගාටුවක් මිස වෙන කිසිවක් නොවේයයි කීවේය.
එහි ලියා තිබුණේ මෙසේය: බබිලෝනියේ රජවූ නෙබුඛද්නෙශර් විසින් ගෙනගිය අයින්ගෙන් වාල්කමෙන් මිදී යෙරුසලමටත් යූදාහි තම තමුන්ගේ නුවරවලටත්
ඔවුන්ගේ මුහුණුද ඔවුන්ගේ පියාපත්ද ඉහළින් වෙන්ව තිබුණේය; එකිනෙකාගේ පියාපත් දෙකක් තවත් කෙනෙකුගේ පියාපත් දෙකකට වැදී තිබුණේය. දෙකකින් ඔවුන්ගේ ශරීරය වැසී තිබුණේය.
දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ, යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල් වෙතටත් උත්තම පූජකවූ යෙහෝශාදාක්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතටත් පැමිණ මෙසේ කීය.