ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භයවී එසේ කර පව්කරන පිණිසත්, එයින් මට නින්දාකිරීමට නපුරු ප්‍රවෘත්තියක් පතළකරන්ට කාරණා තමුන්ට ලැබෙන පිණිසත්ය.
නෙහෙමියා 6:19 - Sinhala Revised Old Version තවද ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියේදී කීවෝය, මාගේ වචනද ඔහුට දැන්නුවෝය. ටෝබියාද මා භයගන්වන්ට ලියුම් එවීය. Sinhala New Revised Version තවද, ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියෙහි දී කීවෝ ය. මාගේ වචනය ද ඔහුට දැන්නුවෝ ය. ටෝබියා ද මා බිය ගන්වන පිණිස ලියුම් එවුවේ ය. Sinhala New Revised Version 2018 තවද, ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියෙහි දී කීවෝ ය. මාගේ වචනය ද ඔහුට දැන්නුවෝ ය. ටෝබියා ද මා බිය ගන්වන පිණිස ලියුම් එවුවේ ය. |
ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භයවී එසේ කර පව්කරන පිණිසත්, එයින් මට නින්දාකිරීමට නපුරු ප්‍රවෘත්තියක් පතළකරන්ට කාරණා තමුන්ට ලැබෙන පිණිසත්ය.
මක්නිසාද ඔහු ආරාගේ පුත්‍රවූ ෂෙකනියාගේ බෑනා නිසාත් ඔහුගේ පුත්‍රවූ යෙහෝහානාන් බෙරෙකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ දුව පාවාගත් නිසාත් යූදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝය.
මක්නිසාද: ඒ වැඩ ඉෂ්ට නොවෙන හැටියට ඔවුන්ගේ අත් එයින් නවතීයයි සිතා, ඔවුන් සියල්ලෝම අප භයගන්වන්ට උත්සාහ කළෝය. එහෙත් දෙවියන්වහන්ස, දැන් මාගේ අත් සවිකළමැනව.
පවුර ගොඩනැගුවායින් පසු මම දොරවල් පිහිටෙවුවෙමි, දොරටුපාලයෝද ගායනාකාරයෝද ලෙවීවරුද පත්කරනු ලැබුවෝය.
ව්‍යවස්ථාව අත්හරින්නෝ දුෂ්ටයන්ට ප්‍රශංසාකෙරෙති; එහෙත් ව්‍යවස්ථාව පවත්වන්නෝ ඔවුන්ට විරුද්ධව සිටිති.
නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේවන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛරවෙති.
නුඹලාට වෛරකරන්ට ලෝකයාට බැරිය; නුමුත් ඔවුන්ගේ ක්‍රියා නපුරු බවට මා විසින් සාක්ෂිදෙන බැවින් ඔව්හු මට වෛරකරති.