Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 6:18 - Sinhala Revised Old Version

18 මක්නිසාද ඔහු ආරාගේ පුත්‍රවූ ෂෙකනියාගේ බෑනා නිසාත් ඔහුගේ පුත්‍රවූ යෙහෝහානාන් බෙරෙකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ දුව පාවාගත් නිසාත් යූදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 කුමක් නිසා ද ඔහු ආරාගේ පුත් ෂෙකනියාගේ බෑණා නිසාත්, ඔහුගේ පුත් ජෝහානාන් බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දුව පාවාගෙන සිටි නිසාත්, ජුදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 කුමක් නිසා ද ඔහු ආරාගේ පුත් ෂෙකනියාගේ බෑණා නිසාත්, ඔහුගේ පුත් ජෝහානාන් බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දුව පාවාගෙන සිටි නිසාත්, ජුදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 6:18
7 හුවමාරු යොමු  

ආරාගේ පුත්‍රයෝ හත්සිය හැත්තෑ පස්දෙනෙක්ය.


ආරාගේ පුත්‍රයෝ හසිය පනස් දෙදෙනෙක්ය.


ඔහු ගාව ෂෙලමියාගේ පුත්‍රවූ හනනියාද ශාලාප්ගේ හවෙනි පුත්‍රයාවූ හානූන්ද තව කොටසක් අලුත්වැඩියාකළෝය. ඔහු ගාව බෙරකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය.


ඔවුන් ගාව හක්කොශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව මෙෂේසබෙල්ගේ පුත්‍රවූ බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව බානාගේ පුත්‍රවූ ශාදොක් අලුත්වාඩියාකෙළේය.


හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ යෙෂායාය. රෙපායාගේ පුත්‍රයෝය, අර්ණොන්ගේ පුත්‍රයෝය, ඔබදියාගේ පුත්‍රයෝය, ෂෙකනියාගේ පුත්‍රයෝය.


තවද ඒ දවස්වලදී යූදාහි උත්තමයෝ ලියුම් බොහොමයක් ටෝබියාට ඇරියෝය, ටෝබියාගෙන්ද ඔවුන්ට ලියුම් ලැබුණේය.


තවද ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියේදී කීවෝය, මාගේ වචනද ඔහුට දැන්නුවෝය. ටෝබියාද මා භයගන්වන්ට ලියුම් එවීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්