සාවුල්ගේ පුත්‍රයාට ප්‍රහාරක යුද කණ්ඩායම් කෙරෙහි අධිපතියෝවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙකුගේ නම බානාය, අනික් අයගේ නම රේඛාබ්ය. ඔව්හු බෙන්යමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝය. (මක්නිසාද බෙයේරොත්ද බෙන්යමින් ගණනට ඇතුළත් කර තිබේ.
නෙහෙමියා 3:14 - Sinhala Revised Old Version කසළ දොරටුව බෙත්-හක්කෙරෙම් පළාතේ අධිපතියාවූ රේකාබ්ගේ පුත්‍රවූ මල්කියා අලුත්වැඩියාකෙළේය; ඔහු ඒක ගොඩනගා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවේය. Sinhala New Revised Version කසළ දොරටුව බෙත්-හක්කෙරෙම් පළාතේ අධිපතියා වූ රේකාබ්ගේ පුත් මල්කියා අලුත්වැඩියා කෙළේ ය. ඔහු එය ගොඩනඟා එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කෙළේ ය. Sinhala New Revised Version 2018 කසළ දොරටුව බෙත්-හක්කෙරෙම් පළාතේ අධිපතියා වූ රේකාබ්ගේ පුත් මල්කියා අලුත්වැඩියා කෙළේ ය. ඔහු එය ගොඩනඟා එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කෙළේ ය. |
සාවුල්ගේ පුත්‍රයාට ප්‍රහාරක යුද කණ්ඩායම් කෙරෙහි අධිපතියෝවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙකුගේ නම බානාය, අනික් අයගේ නම රේඛාබ්ය. ඔව්හු බෙන්යමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝය. (මක්නිසාද බෙයේරොත්ද බෙන්යමින් ගණනට ඇතුළත් කර තිබේ.
ඔහු එතැනින් ගිය විට ඔහුගේ පෙරමගට ආ රේකාබ්ගේ පුත්‍රවූ යෙහෝනාදාබ් සම්බවී ඔහුට ආචාරකොට: මාගේ සිත නුඹේ සිත කෙරේ අවංකව තිබෙන්නාක්මෙන් නුඹේ සිතත් අවංකදැ යි ඇසුවේය. යෙහෝනාදාබ්: එසේයයි කීවිට: එසේ නම් මට නුඹේ අත දෙන්නැයි ඔහු කීවේය. ඔහු තමාගේ අත ඔහුට දුන්නේය.
එවිට මම යූදාහි අධිපතීන් පවුර පිටට නගින්ට සලස්වා, ස්තුතිකිරීමටත් පෙරහරින් යාමටත් මහත් කණ්ඩායම් දෙකක් නියමකෙළෙමි; එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේය.
නාග උල්පත ළඟටත් කසළ දොරටුව ළඟටත් ගොස්, යෙරුසලමේ කඩාදමනලද පවුරත් ගින්නෙන් දාගොස් තිබුණු ඒකේ දොරටුත් බලා,
ඔවුන් ගාව යෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හූර්ගේ පුත්‍රවූ රෙපායා අලුත්වැඩියාකෙළේය.
බෙන්යමින් පුත්‍රයෙනි, යෙරුසලම තුළින් පලාගොස්, තෙකෝවාහි හොරණෑ පිඹ, බෙත්-හක්කෙරෙම් උඩ ලකුණක් නගන්න. මක්නිසාද විපත්තියක්ද මහත් විනාශයක්ද උතුරෙන් පැමිණෙන්ට ළඟය.