Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 12:31 - Sinhala Revised Old Version

31 එවිට මම යූදාහි අධිපතීන් පවුර පිටට නගින්ට සලස්වා, ස්තුතිකිරීමටත් පෙරහරින් යාමටත් මහත් කණ්ඩායම් දෙකක් නියමකෙළෙමි; එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එවිට මම ජුදාහි අධිපතීන් පවුර පිටට නඟින්නට සලස්වා, ස්තුති කිරීමටත්, පෙරහරින් යාමටත් මහා කණ්ඩායම් දෙකක් නියම කෙළෙමි. එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එවිට මම ජුදාහි අධිපතීන් පවුර පිටට නඟින්නට සලස්වා, ස්තුති කිරීමටත්, පෙරහරින් යාමටත් මහා කණ්ඩායම් දෙකක් නියම කෙළෙමි. එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 12:31
8 හුවමාරු යොමු  

නාග උල්පත ළඟටත් කසළ දොරටුව ළඟටත් ගොස්, යෙරුසලමේ කඩාදමනලද පවුරත් ගින්නෙන් දාගොස් තිබුණු ඒකේ දොරටුත් බලා,


අනික් අතට ස්තුතිකරන දෙවෙනි කණ්ඩායමද ඔවුන් පස්සේ මමද සෙනඟගෙන් භාගයක්ද, පවුර පිට උදුන් කොත උඩින් පළල් පවුර දක්වාත්,


මෙසේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ස්තුති දෙන කණ්ඩායම් දෙකද මමද මා සමඟ මුලාදෑනීන්ගෙන් භාගයක්ද, නළා ඇතුව එලියාකීම්,


එකල සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරවූ සියොන්හි සිට ගෙනෙන්ට ඉශ්‍රායෙල්ගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද යෙරුසලමට රැස්කෙරෙවුවේය.


තවද දාවිත් ඉශ්‍රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන්ද රජුට සේවයකළ පංක්තිවල අධිපතීන්ද සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තුව සහ සම්පත්වල අධිපතීන්ද ඇමතියන් සහ බලවන්තයිනුත් සියලු බලවන්ත යුද්ධකාරයිනුත් සමඟ යෙරුසලමට කැඳවාගත්තේය.


තවද දාවිත් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද සියලු නායකයන්ද සමඟ මන්ත්‍රණයකරමින්


ඔවුන් පස්සේ හෝෂායාද යූදාහි අධිපතීන්ගෙන් භාගයක්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්