යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.
නෙහෙමියා 2:8 - Sinhala Revised Old Version ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචිවෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරවූ ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවයි රජුට කීමි. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජතෙම එසේම මට දුන්නේය. Sinhala New Revised Version ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත්, නුවර පවුරුවලටත්, මා පදිංචි වන්නට යන නිවාසයටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරයා වන ආසාප්ට දීමට ලියුමක් ද මට ලැබේ වා”යි කීමි. මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජ තෙම එසේ ම මට දුන්නේ ය. Sinhala New Revised Version 2018 ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත්, නුවර පවුරුවලටත්, මා පදිංචි වන්නට යන නිවාසයටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරයා වන ආසාප්ට දීමට ලියුමක් ද මට ලැබේ වා”යි කීමි. මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජ තෙම එසේ ම මට දුන්නේ ය. |
යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.
නුමුත් යුදෙව්වරුන්ගේ දෙවියන්වහන්සේගේ ඇස ඔවුන්ගේ වැඩිමහල්ලන් කෙරෙහි වූ හෙයින් ඒ කාරණය දාරියුෂ් වෙතට පැමිණ පසුව ඒ ගැන උත්තරයක් ලියා එවනතුරු ඔව්හු ඔවුන් නොනැවැත්තුවෝය.
මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ එනම් ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩට ඔවුන්ගේ අත් සවිකරන හැටියට අෂූර්හි රජුගේ සිත ඔවුන් වෙතට හැරවීමෙන් ස්වාමීන්වහන්සේ ඔවුන් ප්‍රීතිකෙරෙවුසේක.
ඇරත් දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ ගොඩනැගීම පිණිස නුඹලා විසින් යුදෙව්වරුන්ගේ ඒ වැඩිමහල්ලන්ට කළයුතු දේ කිමෙක්දැයි නියෝගයක් කරමි: එනම් ඒ මනුෂ්‍යයන්ට අවහිරයක් නොවන පිණිස රාජසන්තක දෙයින් එනම් ගඟ එගොඩින් ලැබෙන ආදායමෙන් ඉක්මනින් ඔවුන්ට වියදම දෙන ලෙසය.
මේ එස්රා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් දුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රජ්ජුරුවෝ ඔහුට දුන්නාහ.
මක්නිසාද ඔහු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා බබිලෝනියෙන් පිටත්ව, ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය ප්‍රකාරයට පස්වෙනි මාසයේ පළමුවෙනිදා යෙරුසලමට පැමුණුණේය.
තවද මම මාගේ සහෝදරවූ හනානිද බලකොටුවේ අධිපතියාවූ හනනියාද යෙරුසලම කෙරෙහි පත්කෙළෙමි. මක්නිසාද හනනියා විශ්වාසවූ බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ මනුෂ්‍යයෙක්ව සිටියේය.
රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.
නුඹලා එය දැක නුඹලාගේ සිත් ප්‍රීතිවන්නේය, නුඹලාගේ ඇටද තෘණ මෙන් සශ්‍රීකවන්නේය. ස්වාමීන්වහන්සේගේ හස්තයද තමන්ගේ මෙහෙකරුවන්ට ප්‍රකාශවන්නේය, උන්වහන්සේ තමන්ගේ සතුරන්ට විරුද්ධව කෝපවෙනවා ඇත.
දෙවියන්වහන්සේ දානියෙල්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් කරුණාවත් අනුකම්පාවත් ලැබෙන්ට සැලැස්වූසේක.
එසේවී නුමුත් දෙවියන්වහන්සේගෙන් වන පිහිට ලැබ, ලොකු කුඩා අයට සාක්ෂිදෙමින්, ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ට ඕනෑ බව සහ පළමුකොට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ සෙනඟටද අන්‍යජාතීන්ටද එළිය ප්‍රකාශ කරනසේකැයි යන
නුමුත් දෙවියන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියෙහි කරුණාවත් ප්‍රඥාවත් ඔහුට දුන්සේක; ඒ රජ මිසරයටද තමාගේ මුළු ගෙටද ඔහු ආණ්ඩුකාරයා කොට පත්කෙළේය.