Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 2:7 - Sinhala Revised Old Version

7 ඇරත් මම රජුට කථාකොට: රජතුමා ප්‍රසන්න නම් මා යුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්ට දෙන ලෙස එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඇරත් මම රජුට කතා කොට, “රජතුමා සතුටු නම්, මා ජුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්නට දෙන ලෙස, එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඇරත් මම රජුට කතා කොට, “රජතුමා සතුටු නම්, මා ජුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්නට දෙන ලෙස, එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 2:7
6 හුවමාරු යොමු  

අර්තක්ෂස්තා රජු වන මම ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියන්නා වන පූජකවූ එස්රා විසින් නුඹලාගෙන් ඉල්ලන සියල්ල,


එකල මම ගඟ එගොඩ සිටි දිශාධිපතීන් ළඟට ගොස් රජුගේ හසුන්පත් ඔවුන්ට දුනිමි. රජ වනාහි සේනාධිපතීන්ද අසරුවන්ද මා සමඟ එවුවේය.


තවද ඔව්හු රජුගේ ආඥා ගඟ මෙගොඩ සිටිය රජුගේ දිශාධිපතීන්ටත් ආණ්ඩුකාරයන්ටත් භාරදුන්නෝය. ඔව්හු සෙනඟටත් දෙවියන්වහන්සේගේ ගෘහයටත් උපකාරකළෝය.


ඒ නිසා ගඟ එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ එගොඩ සිටින අපර්සෙකාවරු වන නුඹලාගේ සහකාරයෝද යන නුඹලා එතැනින් ඈත්ව සිටින්න.


මක්නිසාද: අපේ දෙවියන්වහන්සේගේ හස්තය උන්වහන්සේ සොයන සියල්ලන් කෙරෙහි යහපත පිණිස වන්නේය කියාත්, උන්වහන්සේගේ බලයද උදහසද උන්වහන්සේ අත්හරින සියල්ලන්ට විරුද්ධව පවත්නේය කියාත් අප විසින් රජුට කියා තිබුණු නිසා, ගමන් මාර්ගයේදී අප සතුරන්ගෙන් ආරක්ෂාකරන පිණිස හේවා හමුදාවක්ද අසරුවන්ද රජුගෙන් ඉල්ලන්ට ලජ්ජාවීමි.


ඔවුන් ගාව ගිබියෝනිය මෙලෙටියාද මෙරොනොතිය යාදොන්ද ගිබියොන් සහ මිශ්පාහි මනුෂ්‍යයෝද අලුත්වැඩියාකළෝය, ඔව්හු වනාහි ගඟ මෙගොඩ සිටි දිශාධිපතියාගේ ආණ්ඩුබලය යටතේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්