ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 13:7 - Sinhala Revised Old Version

යෙරුසලමට ආවෙමි. එවිට එලියාෂීබ් දෙවියන්වහන්සේගේ ගෘහයේ මළුවල ටෝබියාට ඇතුල් ගෙයක් සූදානම්කර දීමෙන් ඔහු උදෙසා කළ නපුර දැනගත්තෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෙරුසලමට පෙරළා පැමිණියෙමි. එවිට, එලියාෂිබ් දෙවියන් වහන්සේගේ මාලිගාවේ මළුවල ටෝබියා උදෙසා කාමරයක් සකස් කර දීමෙන් ඔහු කළ ඒ නපුරු දේ ගැන දැනගතිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෙරුසලමට පෙරළා පැමිණියෙමි. එවිට, එලියාෂිබ් දෙවියන් වහන්සේගේ මාලිගාවේ මළුවල ටෝබියා උදෙසා කාමරයක් සකස් කර දීමෙන් ඔහු කළ ඒ නපුරු දේ ගැන දැනගතිමි.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 13:7
8 හුවමාරු යොමු  

එලියෝයේනයිගේ පුත්‍රයෝ නම්: හෝදවියා, එලියාෂිබ්, පෙලායා, අක්කූබ්, යෝහානාන්, දෙලායා, අනානී යන සත්දෙනාය.


මේ කාරණා නිමවූ කල අධිපතීහු මා ළඟට ඇවිත් කථාකොට: ඉශ්‍රායෙල් සෙනඟත් පූජකයොත් ලෙවීවරුත් දේශවල වැසියන්වූ කානාන්වරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද යෙබූසිවරුන්ගේද අම්මෝනිවරුන්ගේද මෝවබ්වරුන්ගේද මිසරවරුන්ගේද අමෝරිවරුන්ගේද පිළිකුල් ක්‍රියා කරමින්, ඔවුන්ගෙන් වෙන්නොවී සිට,


ඒ දවසේ සෙනඟ ඉදිරියෙහි මෝසෙස්ගේ පොත කියවද්දී: අම්මොන්වරුන්ද මෝවබ්වරුන්ද රොටි සහ වතුර රැගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පෙරමගට නෑවිත් ඔවුන්ට ශාපකරන පිණිස බාලාම් කුලියට ගත් නිසා,


පූජකවූ එලියාෂීබ් ආහාර පූජාද තුවරලාද භාණ්ඩද, ලෙවීවරුන්ගෙත් ගීතිකාකාරයන්ගෙත් දොරටුපාලයන්ගෙත් නියම කොටසවූ ධාන්‍යයෙන් සහ මුද්‍රික යුසයෙනුත් තෙලිනුත් දසයෙන් කොටසද, පූජකයන්ට ලැබෙන එසවීම් පූජාද, පළමු තැබූ ස්ථානයෙහි, ටෝබියාට මහත් ඇතුල් ගෙයක් දසාදාදී තිබුණේය.


එදිරිකාරයා ඇගේ සියලු ප්‍රියවූ දේ පිට තමාගේ අත හෙළුවේය. මක්නිසාද ඔබගේ සභාවට ඇතුල් නොවෙන හැටියට ඔබ අණකළ ජාතීන් ඇගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙනවා ඈ දුටුවාය.


මක්නිසාද මාගේ සහෝදරයෙනි, නුඹලා අතරෙහි විවාද තිබෙන බව ක්ලොයිගේ පවුලේ අය මට දැන්නුවෝය.