මොව්හු ගීතිකාකාරයෝව, ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, ඇතුල් ගෙවල වාසයකළෝය, රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොව්හු අනික් මෙහෙවලින් නිදහස්ව සිටියෝය.
නෙහෙමියා 12:8 - Sinhala Revised Old Version තවද ලෙවීවරු නම්: යේෂුවා, මින්නුයි, කද්මීයෙල්, ෂේරෙබියා, යූදා සහ මත්තනියාය, ඔහුත් ඔහුගේ සහෝදරයොත් ස්තුති ගායනා කණ්ඩායම් කෙරෙහි පත්ව සිටියෝය. Sinhala New Revised Version තවද, ලෙවීවරු නම්: ජේෂුවා, බින්නුයි, කද්මියෙල්, ෂේරෙබියා, ජුදා සහ මත්තනියා ය. ඔවුහුත්, ඔවුන්ගේ සහෝදරයෝත් ස්තුති ගායනා කණ්ඩායම්වලට පත් ව සිටියෝ ය. Sinhala New Revised Version 2018 තවද, ලෙවීවරු නම්: ජේෂුවා, බින්නුයි, කද්මියෙල්, ෂේරෙබියා, ජුදා සහ මත්තනියා ය. ඔවුහුත්, ඔවුන්ගේ සහෝදරයෝත් ස්තුති ගායනා කණ්ඩායම්වලට පත් ව සිටියෝ ය. |
මොව්හු ගීතිකාකාරයෝව, ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, ඇතුල් ගෙවල වාසයකළෝය, රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොව්හු අනික් මෙහෙවලින් නිදහස්ව සිටියෝය.
ලෙවීවරු නම්: හෝදවියාගේ පුත්‍රයන්ගෙන්වූ යේෂුවාගේද කද්මීයෙල්ගේද පුත්‍රයෝ හැත්තෑ හතර දෙනෙක්ය.
එකල යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද පූජකයෝවූ ඔහුගේ සහෝදරයෝද ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද ඔහුගේ සහෝදරයෝද නැගිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස දවන පූජා ඔප්පුකරන පිණිස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ පූජාසනය ගොඩනැගුවෝය.
යාච්ඤාවේදී ස්තුතිදීම පටන්ගැනීමට ප්‍රධානියාව සිටියාවූ ආසාප්ගේ පුත්‍රයා වන සබ්දීගේ පුත්‍රවූ මීකාගේ පුත්‍රයා වන මත්තනියාද, ඔහුගේ සහෝදරයන් අතරේ දෙවෙනියාවූ බක්බුකියාද, යෙදූතුන්ගේ පුත්‍රවූ ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත්‍රවූ අබ්දාද යන මොව්හුය.
යෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ මුලාදෑනියා නම් ගීතිකාකාරයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මීකාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත්‍රවූ බානීගේ පුත්‍රයා වන උස්සීය; ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩපළ කෙරෙහි පත්ව සිටියේය.
ලෙවීවරුන්ගේ ප්‍රධානියන්වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මීයෙල්ගේ පුත්‍රවූ යේෂුවාද තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇතුව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝය.
සල්ලු, ආමොක්, හිල්කියා සහ යෙදායාය. මොව්හු යේෂුවාගේ දවස්වලදී පූජකයන්ගෙන්ද ඔවුන්ගේ සහෝදරයන්ගෙන්ද ප්‍රධානියෝව සිටියෝය.
ලෙවීවරු නම්: හෝදෙවාගේ පුත්‍රයන්ගෙන් කෙනෙක්වූ කද්මීයෙල්ගෙන් පැවත ආවාවූ යේෂුවාගේ පුත්‍රයෝ හැත්තෑහතර දෙනෙක්ය.
එවිට යේෂුවාද බානීද කද්මීයෙල්ද ෂෙබනියාද බුන්නීද ෂේරෙබියාද බානීද කෙනානීද ලෙවීවරුන්ගේ මංචකයේ පඩි පිට සිට මහත් හඬකින් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකළෝය.