උදෑසන ඵාරාවෝගේ හිත කැලඹී තිබුණේය; ඔහු පණිවිඩ යවා මිසරයේ සියලු මායාකාරයන්ද සියලු ශාස්ත්‍රකාරයන්ද කැඳවා තමාගේ ස්වප්නය ඔවුන්ට කීවේය; එහෙත් එහි අර්ථය ඵාරාවෝට කියාදීමට පොහොසත්වූ කිසිවෙක් නොසිටියේය.
නික්මයාම 7:22 - Sinhala Revised Old Version මිසරයේ මායාකාරයෝද තමන්ගේ ඇස්බැන්දුම්වලින් එසේම කළෝය. ස්වාමීන්වහන්සේ කී ප්‍රකාර ඔවුන්ට කන් නොදෙන ලෙස ඵාරාවෝගේ සිත දැඩිව තිබුණේය. Sinhala New Revised Version මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස කළහ. පාරාවෝගේ හිත දැඩි වූයෙන්, සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඔහු ඔවුන් කී දේ සැලකුවේ නැත. Sinhala New Revised Version 2018 මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස කළහ. පාරාවෝගේ හිත දැඩි වූයෙන්, සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඔහු ඔවුන් කී දේ සැලකුවේ නැත. |
උදෑසන ඵාරාවෝගේ හිත කැලඹී තිබුණේය; ඔහු පණිවිඩ යවා මිසරයේ සියලු මායාකාරයන්ද සියලු ශාස්ත්‍රකාරයන්ද කැඳවා තමාගේ ස්වප්නය ඔවුන්ට කීවේය; එහෙත් එහි අර්ථය ඵාරාවෝට කියාදීමට පොහොසත්වූ කිසිවෙක් නොසිටියේය.
ඵාරාවෝද ශාස්ත්‍රවන්තයන් සහ මන්ත්‍රකාරයන් කැඳවීය. එවිට මිසරයේ මායාකාරයෝවූ ඔව්හුද තමන්ගේ ඇස්බැන්දුම්වලින් එලෙසම කළෝය.
ගඟේ සිටි මත්ස්‍යයෝ මැරුණෝය; ගඟද දුර්ගන්ධවූවාය, මිසරවරුන්ට ගඟෙන් වතුර බොන්ට නොහැකිවිය; මිසර දේශය මුළුල්ලෙහිම ලේ තිබුණේය.
ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය ඇත්තාවූ ප්‍රොපේතවරු නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් යූදාහි රජුගේ ගෘහයෙත් යෙරුසලමෙත් ඉතුරුව තිබෙන භාණ්ඩ බබිලෝනියට ගෙනනොයන ලෙස සේනාවල ස්වාමීන්වහන්සේට කන්නලව්කරත්වා.
යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධව සිටියාක්මෙන් මොව්හු සැබෑවට විරුද්ධව සිටිති; මොව්හු දූෂ්‍ය සිත් ඇත්තාවූ ඇදහිල්ල සම්බන්ධව නිෂ්ප්‍රයෝජනවූ මනුෂ්‍යයෝය.