නික්මයාම 40:32 - Sinhala Revised Old Version ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඇතුළට ගිය කල්හිද පූජාසනයට ළංවූ කල්හිද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස සෝදාගත්තෝය. Sinhala New Revised Version ඔව්හු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ පූජාසනයට ළඟා වන විට හෝ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තමන් සෝදාගත්හ. Sinhala New Revised Version 2018 ඔව්හු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ පූජාසනයට ළඟා වන විට හෝ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තමන් සෝදාගත්හ. |
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරමේ වැස්ම තැබීය.
ඔහු මණ්ඩපය හා පූජාසනය වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව තැබීය. මෙසේ මෝසෙස් වැඩ නිමකෙළේය.