එවිට යූදා ඔහුට ළංවී: අහෝ, ස්වාමීනි, ඔබගේ දාසයාට මාගේ ස්වාමීන් ඉදිරියෙහි වචනයක් කියන්ට අවසර ලැබේවා, ඔබගේ උදහස ඔබගේ මෙහෙකරුවාට විරුද්ධව නොඇවිළේවා. මක්නිසාද ඔබ ඵාරාවෝ හා සමානය.
නික්මයාම 32:22 - Sinhala Revised Old Version ආරොන්ද: මාගේ ස්වාමිහුගේ උදහස නොඇවිළේවා. සෙනඟ නපුරට සෑදී සිටින බව ඔබ දන්නෙහිය. Sinhala New Revised Version ආරොන් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන්ගේ උදහස වේගවත් ව නොඇවිළේ වා! මේ සෙනඟ නපුරට කෙතරම් බර වී සිටින්නෝ දැ යි ඔබ දන්නෙහි ය. Sinhala New Revised Version 2018 ආරොන් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන්ගේ උදහස වේගවත් ව නොඇවිළේ වා! මේ සෙනඟ නපුරට කෙතරම් බර වී සිටින්නෝ දැ යි ඔබ දන්නෙහි ය. |
එවිට යූදා ඔහුට ළංවී: අහෝ, ස්වාමීනි, ඔබගේ දාසයාට මාගේ ස්වාමීන් ඉදිරියෙහි වචනයක් කියන්ට අවසර ලැබේවා, ඔබගේ උදහස ඔබගේ මෙහෙකරුවාට විරුද්ධව නොඇවිළේවා. මක්නිසාද ඔබ ඵාරාවෝ හා සමානය.
ඔව්හු මෝසෙස්ට කථාකොට: කාන්තාරයෙහි මැරෙන්ට නුඹ අප ගෙනාවේ මිසරයෙහි මිනීවළවල් නැති නිසාද? මිසරයෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කෙළේ මක්නිසාද?
එසේ වී නුමුත් ඔව්හු මෝසෙස්ට ඇහුම්කන්නොදී සමහරෙක් පසුවදා උදය වනතුරු එයින් ඉතුරුකළෝය, එය පණුවන් හැදී දුර්ගන්ධවිය. මෝසෙස් ඔවුන් කෙරෙහි කෝප විය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹලා මාගේ ආඥාද ව්‍යවස්ථාද පවත්වන්ට කොපමණ කල් අකැමැතිව සිටිනවාද?
මෝසෙස් කන්දෙන් බසින්ට ප්‍රමාදවන බව සෙනඟ දැක ආරොන් ළඟට රැස්ව: නැගිටින්න, අපට පෙරටුව යන පිණිස අපට දෙවිකෙනෙක් සාදන්න; මක්නිසාද මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යයා වූ මේ මෝසෙස්ට කුමක්වීදැයි නොදනිමුයයි කීවෝය.
මෝසෙස්ද ආරොන්ට කථාකොට: මේ සෙනඟ කෙරෙහි මහත්වූ පාපයක් පමුණුවන්ට ඔවුන් නුඹට කළේ කුමක්දැයි ඇසුවේය.
මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.
මක්නිසාද මම නුඹේ කැරළිකාරකමද නුඹේ කුළලේ තදකමද දනිමි. නුඹලා සමඟ දැන් මා ජීවත්ව සිටියදීම නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය; මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහුද?
නුඹ කාන්තාරයේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස් කළ හැටි සිහිකරන්න, මතක නැති නොකරන්න. නුඹ මිසර දේශයෙන් පිටත්වුණ දා පටන් මේ ස්ථානයට පැමිණෙන තෙක් නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය.
සාවුල් කථාකොට: සෙනඟ අමලෙක්වරුන්ගෙන් උන් ගෙනාවෝය. මක්නිසාද ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිස සෙනඟ බැටළුවන්ගෙන්ද ගොනුන්ගෙන්ද ඉතා හොඳවුන් ඉතුරුකරගත්තෝය; අනික් එවුන් සහමුලින් විනාශකර දැමුවෙමුයයි කීවේය.
නුමුත් සෙනඟ වනාහි විනාශයට කැපවූ දේවලින් ප්‍රධාන කොට්ඨාසය වන බැටළුවන්ද ගවයන්ද කොල්ලය අතරෙන් රැගෙන ගිල්ගාල්හිදී ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිස ආවෝයයි සාමුවෙල්ට කීවේය.
සාවුල් සාමුවෙල්ට කථාකොට: මම පව්කෙළෙමි. මක්නිසාද මම සෙනඟට භයවී ඔවුන්ගේ හඬට කීකරුවූ බැවින් ස්වාමීන්වහන්සේගේ ආඥාවද ඔබගේ වචනද කඩකෙළෙමි.