ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 30:32 - Sinhala Revised Old Version

මනුෂ්‍ය ශරීරය පිට ඒවා වත්කරනු නොලැබිය යුතුය, නුඹලා ඒවායේ ද්‍රව්‍ය ප්‍රමාණයේ හැටියට ඒ හා සමාන කිසිවක් නොසෑදිය යුතුය. එය ශුද්ධය, එය නුඹලාට ශුද්ධ වන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මනුෂ්‍ය ශරීරය පිට එය වත් නොකළ යුතු ය. එකී සංයෝගය මෙන් අන් කිසිවක් ද නොසෑදිය යුතු ය. එය ශුද්ධ ය. එය ඔබට ශුද්ධ දෙයක් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මනුෂ්‍ය ශරීරය පිට එය වත් නොකළ යුතු ය. එකී සංයෝගය මෙන් අන් කිසිවක් ද නොසෑදිය යුතු ය. එය ශුද්ධ ය. එය ඔබට ශුද්ධ දෙයක් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 30:32
5 හුවමාරු යොමු  

එයින් ශුද්ධවූ ආලේපය පිණිස තෛල මිශ්‍රකරන විධියට ඒවා මිශ්‍රකර ශුද්ධ තෛලයක් සාදන්න. ඒ ශුද්ධ ආලේප තෛලයක් වන්නේය.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මේවා නුඹලාගේ පරම්පරාවල මට ශුද්ධ ආලේප තෛලයක් වන්නේය.


තමාගේ හිස පිට ආලේප තෛලය වත්කරන ලද්දාවූ, ශුද්ධ වස්ත්‍ර හැඳීමට කැපකරන ලද්දාවූ, තමාගේ සහෝදරයන් අතරේ නායක පූජකයාවූ තැනැත්තේ තමාගේ හිසකේ ලිහානොගත යුතුය, තමාගේ වස්ත්‍රද ඉරා නොගත යුතුය;


ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.