Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 30:25 - Sinhala Revised Old Version

25 එයින් ශුද්ධවූ ආලේපය පිණිස තෛල මිශ්‍රකරන විධියට ඒවා මිශ්‍රකර ශුද්ධ තෛලයක් සාදන්න. ඒ ශුද්ධ ආලේප තෛලයක් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඉන්පසු සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවායින් ආලේපනය සඳහා ශුද්ධ තෛලයක් වන තෙල් සංයෝගයක් සෑදිය යුතු ය. එය ආලේප කරනු පිණිස ශුද්ධ තෛලයක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඉන්පසු සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවායින් ආලේපනය සඳහා ශුද්ධ තෛලයක් වන තෙල් සංයෝගයක් සෑදිය යුතු ය. එය ආලේප කරනු පිණිස ශුද්ධ තෛලයක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 30:25
18 හුවමාරු යොමු  

ඔහු ශුද්ධ ආලේප තෛලයද පිරිසිදු සුවඳ ධූප ද්‍රව්‍යද තෛල මිශ්‍රකරන්නන්ගේ විධියට සෑදුවේය.


පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍යවලින් තෛලය සෑදුවෝය.


ආලේප තෛලය ගෙන මණ්ඩපයද එහි ඇති සියල්ලද ආලේපකොට ඒකද ඒකේ සියලු බඩුද විශුද්ධකරන්න. එවිට එය ශුද්ධවන්නේය.


එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය;


මාගේ මෙහෙකරුවූ දාවිත් සොයාගෙන, මාගේ ශුද්ධ තෛලයෙන් ඔහු ආලේප කෙළෙමි.


ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට ද්වේෂකළසේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ සහකාරයන්ට වඩා ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබ ආලේපකළසේකැයි කියනසේක.


ඔව්හු ලේවල පළිය ගන්නා අතින් මිනීමරන්නා මුදා ඔහු පලාගිය තමාගේ ආරක්ෂා නුවරට ඔහු නැවත පමුණුවන්නෝය. ශුද්ධ තෙලින් ආලේපලත් උත්තම පූජකයා නසිනතෙක් ඔහු එහි වාසය කෙරේවා.


එවිට නුඹ ආලේප තෛලය ගෙන ඔහුගේ හිස පිට වත්කරමින් ඔහු ආලේපකරන්න.


පූජාසනය පිට තිබෙන ලෙයින්ද ආලේප තෙල්වලින්ද ස්වල්පයක් රැගෙන ආරොන් පිටත් ඔහුගේ වස්ත්‍ර පිටත් ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් පිටත් ඔවුන්ගේ වස්ත්‍ර පිටත් ඉසින්න. මෙසේ ඔහු සහ ඔහුගේ වස්ත්‍රද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔවුන්ගේ වස්ත්‍රද ශුද්ධවන්නෝය.


පන්සියයක තලිස් පතුරුද යන ප්‍රධාන සුගන්ධ ද්‍රව්‍ය සහ ඔලීව තෙල් හිනක්ද ගන්න.


මනුෂ්‍ය ශරීරය පිට ඒවා වත්කරනු නොලැබිය යුතුය, නුඹලා ඒවායේ ද්‍රව්‍ය ප්‍රමාණයේ හැටියට ඒ හා සමාන කිසිවක් නොසෑදිය යුතුය. එය ශුද්ධය, එය නුඹලාට ශුද්ධ වන්නේය.


තෛල මිශ්‍රකරන විධියට ඒවා මිශ්‍රකර ලුණු දමා පවිත්‍රවූ ශුද්ධවූ සුගන්ධයක් සාදන්න.


දුම් පූජාසනය සහ ඒකේ පොලුද ආලේප තෛලයද සුගන්ධ ධූප ද්‍රව්‍යයද මණ්ඩපයට ඇතුල්වීමේ දොරකඩට දොරකඩ කඩතුරාවද;


ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද වස්ත්‍රද ආලේප තෙල්ද පාප පූජාවට ගොනාද බැටළුවන් දෙදෙනාද මුහුන් නොදැමූ රොටි පැසද රැගෙන,


මෝසෙස් ආලේප තෛලය රැගෙන මණ්ඩපය හා එහි තිබුණු සියල්ල ආලේපකරමින් ඒවා පවිත්‍ර කෙළේය.


මළ මැස්සන් නිසා තෛල මිශ්‍රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.


ඒවා නුඹේ සහෝදරවූ ආරොන්ටද ඔහු හා සමඟ ඔහුගේ පුත්‍රයන්ටද පළඳවන්න; ඔවුන් පූජක තනතුරෙහි මට සේවයකරන පිණිස ආලේපකර කැපකර විශුද්ධකරන්න.


ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්