නික්මයාම 22:6 - Sinhala Revised Old Version ගිනි ඇවිළ කටුගස්වලට අල්ලා එයින් ගොයම් කොළ හෝ නොකැපූ ගොයම් හෝ කෙත හෝ දා ගියොත් ගිනි ඇවුළු තැනැත්තා විසින් සැබවින්ම අලාභය ගෙවිය යුතුය. Sinhala New Revised Version “ගින්නක් හටගෙන, කටු පඳුරුවලට ඇවිළී ගොයම් කොළ හෝ නොකැපු ගොයම හෝ කුඹුර හෝ එයින් දැවී ගියහොත් ගින්න ගැන වගකිවයුතු තැනැත්තා සම්පූර්ණ අලාභය ගෙවිය යුතු ය. Sinhala New Revised Version 2018 “ගින්නක් හටගෙන, කටු පඳුරුවලට ඇවිළී ගොයම් කොළ හෝ නොකැපු ගොයම හෝ කුඹුර හෝ එයින් දැවී ගියහොත් ගින්න ගැන වගකිවයුතු තැනැත්තා සම්පූර්ණ අලාභය ගෙවිය යුතු ය. |
මනුෂ්‍යයෙක් තමාගේ මෘගයා වෙන කෙනෙකුගේ කෙතෙහි කැවුවොත්, ඌ ලිහා අරිනු ලැබ කෙතක හෝ මිදිවත්තක හෝ කෑවොත්, තමාගේම කෙතේද මිදිවත්තේද හොඳ කොටසෙන් ඔහු විසින් අලාභය ගෙවිය යුතුය.
මනුෂ්‍යයෙක් මුදල් හෝ බඩු හෝ ප්‍රවේසම් කරන පිණිස තමාගේ අසල්වාසියාට භාරදුන් කල්හි ඒ මනුෂ්‍යයාගේ ගෙයින් ඒවා සොරකම් කරනු ලැබුවොත් සොරාද අසුවුණොත් ඔහු දෙගුණයක් ගෙවිය යුතුය.
සියලු අපරාධ කාරණා ගැන එනම් ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍රයක් ගැන හෝ නැතිවූ කොයි ප්‍රකාර දෙයක් ගැන හෝ මේ ඒකයයි යමෙක් කීවොත් දෙපක්ෂයේ කාරණය දෙවියන්වහන්සේ වෙතට පැමිණේවා; දෙවියන්වහන්සේ විසින් වරදට පත්කරන තැනැත්තා තමාගේ අසල්වාසියාට දෙගුණයක් දිය යුතුය.
ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද?