Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 22:6 - Sinhala New Revised Version 2018

6 “ගින්නක් හටගෙන, කටු පඳුරුවලට ඇවිළී ගොයම් කොළ හෝ නොකැපු ගොයම හෝ කුඹුර හෝ එයින් දැවී ගියහොත් ගින්න ගැන වගකිවයුතු තැනැත්තා සම්පූර්ණ අලාභය ගෙවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 “ගින්නක් හටගෙන, කටු පඳුරුවලට ඇවිළී ගොයම් කොළ හෝ නොකැපු ගොයම හෝ කුඹුර හෝ එයින් දැවී ගියහොත් ගින්න ගැන වගකිවයුතු තැනැත්තා සම්පූර්ණ අලාභය ගෙවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ගිනි ඇවිළ කටුගස්වලට අල්ලා එයින් ගොයම් කොළ හෝ නොකැපූ ගොයම් හෝ කෙත හෝ දා ගියොත් ගිනි ඇවුළු තැනැත්තා විසින් සැබවින්ම අලාභය ගෙවිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 22:6
8 හුවමාරු යොමු  

“විශ්වාසය කඩ කිරීමක දී එය ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍ර ගැන හෝ නැති වූ වෙනත් යමක් ගැන හෝ වේ වා, වෙන අයෙක් එය ‘මගේ ය’යි කියා ගනී නම් දෙපක්ෂයේ නඩුව දෙවියන් වහන්සේ වෙත ගෙන යා යුතු ය. උන් වහන්සේ වරදකරු කියා තීරණය කරන තැනැත්තා අනිත් පක්ෂයට දෙගුණයක් ගෙවිය යුතු ය.


එහෙත්, ඔහුගේ මෘගයා සොරකම් කරනු ලැබුවේ නම් ඔහු අසල්වැසියාට අලාභය ගෙවිය යුතුයි.


ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකි ය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදි වත්, ගොකටුවලින් අත්තික්කා වත් නෙළා ගනිත් ද?


“යමෙක් කුඹුරක හෝ මිදි වත්තක හෝ තමාගේ මෘගයාට කන්න ඉඩ හරින්නේ නම්, එසේ නැත්නම් ඌ ලිහා දමා තිබිය දී ඌ වෙන අයෙකුගේ කෙතක කන්නේ නම්, ඔහු තමාගේ කුඹුරින් හා මිදි වත්තෙන් ඉස්තරම් කොටසින් අලාභය ගෙවිය යුතු ය.


“යමෙකු මුදල් හෝ බඩු හෝ ප්‍රවේසම පිණිස වෙන කෙනෙකුට බාර දී, ඔහුගේ ගෙයින් ඒවා සොරකම් කරනු ලැබ සොරා අසු වුවහොත් ඔහු දෙගුණයක් අලාභය ගෙවිය යුතුයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්