නික්මයාම 22:13 - Sinhala Revised Old Version ඌ ඉරාදමනු ලැබීනම් සාක්ෂි පිණිස ඒකා ගෙනේවා; ඉරනු ලැබුවාට අලාභය ගෙවන්ට ඕනෑ නැත. Sinhala New Revised Version ඌ වන මෘගයන් විසින් කැබලි කොට ඉරාදමනු ලැබුවේ නම් සාක්ෂි පිණිස මළ සතාගේ ඉතිරි කොටස් ගෙනා යුතුයි. එවිට කැබලි කළ මෘගයාගේ අලාභය ඔහු නොගෙවන්නේ ය. Sinhala New Revised Version 2018 ඌ වන මෘගයන් විසින් කැබලි කොට ඉරාදමනු ලැබුවේ නම් සාක්ෂි පිණිස මළ සතාගේ ඉතිරි කොටස් ගෙනා යුතුයි. එවිට කැබලි කළ මෘගයාගේ අලාභය ඔහු නොගෙවන්නේ ය. |
මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් සතෙකු ඉල්ලාගෙන, අයිතිකාරයා ළඟ නැති කල ඒකාට තුවාල වුණොත්, නොහොත් ඌ මළොත්, ඔහු සැබවින්ම අලාභය ගෙවිය යුතුය.
එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! මාගේ ප්‍රාණය අපවිත්‍ර නොවීය. මාගේ බාලවයසේ පටන් දැන් දක්වාම කුණපවත් මෘගයන් විසින් ඉරාදැමූ සතෙක්වත් නොකෑවෙමි; පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නොවීයයි කීමි.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: එඬේරා සිංහයාගේ කටින් කකුල් දෙකක්වත් කන් කෑල්ලක්වත් ගළවාගන්නාක්මෙන් සමාරියෙහි යහන් කොනකද ඇඳක පට මෙත්ත පිටද හිඳින ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැළවෙනවා ඇත.
තවද යාකොබ්ගේ ඉතිරි අය ජාතීන් අතරෙහිද බොහෝ ජනයන් මැදද කැලෑවේ මෘගයන් අතරෙහි සිටින සිංහයෙකු මෙන්ද බැටළු රැළවල් අතරට වන කල්හි ගළවන්ට කිසිවෙකු නැතුව උන් පාගා ඉරාදමන තරුණ සිංහයෙකු මෙන්ද සිටිනවා ඇත.
සිංහයා උගේ පැටවුන්ට සෑහෙන පමණ ගොදුරු ඉරාදී, උගේ සිංහධේනුන්ට සතුන් මරාදී, උගේ ලෙනවල් ගොදුරෙන්ද උගේ ගුහාවල් ගොදුරුවලින්ද පිරෙවුවේය.