ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.
නික්මයාම 22:1 - Sinhala Revised Old Version මනුෂ්‍යයෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම්කොට මැරුවොත් නොහොත් වික්කොත් ගවයෙකුට ගවයන් පස්දෙනෙක්ද බැටළුවෙකුට බැටළුවන් සතර දෙනෙක්ද දිය යුතුය. Sinhala New Revised Version “යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේ ද නැත්නම් ඌ විකුණන්නේ ද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් පස්දෙනෙකු බැගින් ද, බැටළුවෙකු වෙනුවට බැටළුවන් හතරදෙනෙකු බැගින් ද වන්දි ගෙවිය යුතු ය. Sinhala New Revised Version 2018 “යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේ ද නැත්නම් ඌ විකුණන්නේ ද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් පස්දෙනෙකු බැගින් ද, බැටළුවෙකු වෙනුවට බැටළුවන් හතරදෙනෙකු බැගින් ද වන්දි ගෙවිය යුතු ය. |
ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.
නොහොත් ඒ ගවයා ඉස්සර සිට අනින බව උගේ අයිතිකාරයා දැනගන ඌ ප්‍රවේසම්කර නොතැබුවේ නම් ඔහු විසින් ගවයා වෙනුවට ගවයෙක් දියයුතුය, මළ සතාද ඔහුට වන්නේය.
නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුළු සම්පත වුවත් දෙන්ට ඕනෑය.
තවද නිර්දෝෂවූ දිළිඳුන්ගේ ප්‍රාණවල ලේ නුඹේ වස්ත්‍ර කොන්වල සම්බවිය. රහස් තැන්වල නොව මේ සියල්ල පිට එය තිබෙනවා මට සම්බවිය.
උකස නැවත දී කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අධර්මිෂ්ඨකම් නොකර ජීවන-පනත් ප්‍රකාර හැසුරුණොත්, ඔහු නොනැසී ජීවත්වන්නේමය.
ඔවුන් කළාවූ තමුන්ගේ පාපය කියාදිය යුතුය. තවද ඔහු තමා කළ අලාභයේ මුළු ගණනම ගෙවා එයින් පහෙන් කොටසක් ඊට එකතුකර ඔහුගෙන් අලාභ වින්ද තැනැත්තාට දේවා.
සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය.