Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 21:36 - Sinhala Revised Old Version

36 නොහොත් ඒ ගවයා ඉස්සර සිට අනින බව උගේ අයිතිකාරයා දැනගන ඌ ප්‍රවේසම්කර නොතැබුවේ නම් ඔහු විසින් ගවයා වෙනුවට ගවයෙක් දියයුතුය, මළ සතාද ඔහුට වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 එහෙත්, කලින් පවා ඒ ගොනා අනින්න පුරුදු එකෙක් නම්, ඌ අයිතිකරු ගොනා කොටු නොකර තැබුවේ නම්, ඔහු වන්දි වශයෙන් ගොනා වෙනුවට ගොනෙකු දිය යුතුයි. එහෙත්, මළ සතා ඔහුට අයිති වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 එහෙත්, කලින් පවා ඒ ගොනා අනින්න පුරුදු එකෙක් නම්, ඌ අයිතිකරු ගොනා කොටු නොකර තැබුවේ නම්, ඔහු වන්දි වශයෙන් ගොනා වෙනුවට ගොනෙකු දිය යුතුයි. එහෙත්, මළ සතා ඔහුට අයිති වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 21:36
4 හුවමාරු යොමු  

නුමුත් ගවයා ඉස්සර සිට අනින බව ඌ අයිතිකාරයාට දන්වනු ලැබ තිබියදීත් ඌ ප්‍රවේසම්කර නොතැබීම නිසා ඌ පුරුෂයෙකු හෝ ස්ත්‍රියෙකු හෝ මැරුවොත් ගවයා ගල්ගසා මැරිය යුතුය, උගේ අයිතිකාරයාද මරනු ලැබිය යුතුය.


යම් මනුෂ්‍යයෙකුගේ ගොනෙක් වෙන කෙනෙකුගේ ගොනෙකුට මැරෙන තරම් තුවාල කළොත් ඔව්හු ජීවත්ව සිටින ගවයා විකුණා ඒ මිල බෙදා ගනිත්වා, මළ ගොනාද බෙදාගනිත්වා.


මනුෂ්‍යයෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම්කොට මැරුවොත් නොහොත් වික්කොත් ගවයෙකුට ගවයන් පස්දෙනෙක්ද බැටළුවෙකුට බැටළුවන් සතර දෙනෙක්ද දිය යුතුය.


මෘගයෙකුට මැරෙන්ට පහර දෙන තැනැත්තා මෘගයා වෙනුවට මෘගයෙකු දී පළි ගෙවිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්