උන්වහන්සේගේ මෙහෙකරුවූ ආබ්‍රහම්ගෙන් පැවත එන්නෙනි, උන්වහන්සේ විසින් තෝරාගත්තවුන් වන යාකොබ්ගේ දරුවෙනි,
නික්මයාම 16:32 - Sinhala Revised Old Version මෝසෙස් කියනුයේ: ස්වාමීන්වහන්සේ අණකළ දේ මේය, මා විසින් මිසර දේශයෙන් නුඹලා ගෙනා කල්හි වනාන්තරයේදී නුඹලා පෝෂණයකළ ආහාර නුඹලාගේ පරම්පරාවල අය දකින පිණිස ඔවුන් නිසා ඕමෙරයක් පුරවා තබාගන්න කීය. Sinhala New Revised Version මෝසෙස් කතා කොට, “සමිඳාණන් වහන්සේගේ ආඥාව මෙය වේ: ‘මා මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනෙන විට පාළුකරයේ දී නුඹලා පෝෂ්‍ය කළ ආහාරය නුඹලාගේ මතු පරම්පරාවල අය දකින පිණිස, ඔවුන් සඳහා එයින් ලීටර් දෙකක් පුරවා තබාගන්නැ’ ”යි කීවේ ය. Sinhala New Revised Version 2018 මෝසෙස් කතා කොට, “සමිඳාණන් වහන්සේගේ ආඥාව මෙය වේ: ‘මා මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනෙන විට පාළුකරයේ දී නුඹලා පෝෂ්‍ය කළ ආහාරය නුඹලාගේ මතු පරම්පරාවල අය දකින පිණිස, ඔවුන් සඳහා එයින් ලීටර් දෙකක් පුරවා තබාගන්නැ’ ”යි කීවේ ය. |
උන්වහන්සේගේ මෙහෙකරුවූ ආබ්‍රහම්ගෙන් පැවත එන්නෙනි, උන්වහන්සේ විසින් තෝරාගත්තවුන් වන යාකොබ්ගේ දරුවෙනි,
ස්වාමීන්වහන්සේ අණකර තිබෙන දේ මේය–නුඹලා එකිනෙකා තම තමා කන ප්‍රකාරයට එයින් රැස්කරගන්න; නුඹලාගේ ගණනේ හැටියට එකිනෙකා තම තමාගේ කූඩාරමේ සිටින්නන්ට එක්කෙනාට ඕමෙරයක් බැගින් ගන්නැයි කීය.
ඉශ්‍රායෙල් වංශය ඒවාට මන්නා යන නාමය තැබූහ. ඒවා කොත්තමල්ලි ඇට සමානය, සුදුය; එහි රස මීපැණි මිශ්‍රවූ පූප මෙනි.
මෝසෙස් ආරොන්ට කථාකොට: භාජනයක් රැගෙන මන්නාවලින් ඕමෙරයක් පුරවා නුඹලාගේ පරම්පරාවන් උදෙසා ප්‍රවේසම්ව තිබෙන පිණිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබන්නැයි කීවේය.
නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලාද මාගේ සෙනඟ වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.
මනුෂ්‍ය ලනුවලින්ද ප්‍රේමයේ බැඳුම්වලින්ද ඔවුන් ඇදගතිමි; ඔවුන්ගේ කම්මුල් පිට තිබුණු වියගහ උස්සන්නන් මෙන් මම ඔවුන් උදෙසා සිට, ඔවුන් ඉදිරියෙහි කෑම තැබීමි.
උන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.
ඉන්නිසා අසන්ට ලැබූ දේවලින් අප යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑකමින් අප විසින් සැලකිය යුතුය.
එහි රන් දුම් භාජනයක්ද මුළුල්ලම රනින් වැසූ ගිවිසුම්පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය.