Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 16:31 - Sinhala Revised Old Version

31 ඉශ්‍රායෙල් වංශය ඒවාට මන්නා යන නාමය තැබූහ. ඒවා කොත්තමල්ලි ඇට සමානය, සුදුය; එහි රස මීපැණි මිශ්‍රවූ පූප මෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 ඉශ්රායෙල් ජනයා ඒ ආහාරයට ‘මන්නා’ යන නාමය තැබූ හ. එය කොත්තමල්ලි ඇට තරම් ය, සුදු පාට ය, මී පැණි මිශ්‍ර තුනී රොටි වර්ගයක් මෙන් රසවත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ඉශ්රායෙල් ජනයා ඒ ආහාරයට ‘මන්නා’ යන නාමය තැබූ හ. එය කොත්තමල්ලි ඇට තරම් ය, සුදු පාට ය, මී පැණි මිශ්‍ර තුනී රොටි වර්ගයක් මෙන් රසවත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 16:31
8 හුවමාරු යොමු  

වනයේ ගස් අතරේ ජම්බු ගස යම්සේද, පුත්‍රයන් අතරේ මාගේ ප්‍රේමවන්තයාත් එසේය. මම ඔහුගේ සෙවණෙහි ප්‍රීතියෙන් හිඳගතිමි, ඔහුගේ ඵලද මාගේ කටට මිහිරි විය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දැක කිමෙක්දැයි නොදැන: මේ මොනවාදැයි එකිනෙකාට කීවෝය. එවිට මෝසෙස්: මේ වනාහි කෑම පිණිස ස්වාමීන්වහන්සේ නුඹලාට දුන් රොටිය.


වැටී තිබුණු ඒ පිනි හිඳුණු කල, බලව, හිම වැනි හීන් කුඩා වටවූ දෙයක් වනාන්තරයේ බිම පිට තිබුණේය.


මෙසේ සෙනඟ සත්වෙනි දවසෙහි නිවාඩුගත්තෝය.


මෝසෙස් කියනුයේ: ස්වාමීන්වහන්සේ අණකළ දේ මේය, මා විසින් මිසර දේශයෙන් නුඹලා ගෙනා කල්හි වනාන්තරයේදී නුඹලා පෝෂණයකළ ආහාර නුඹලාගේ පරම්පරාවල අය දකින පිණිස ඔවුන් නිසා ඕමෙරයක් පුරවා තබාගන්න කීය.


උන්වහන්සේ නුඹ යටත්කොට, නුඹ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් නුඹට දන්වාදෙන පිණිස, නුඹ දැනනොගෙන සිටියාවූ නුඹේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් නුඹ පෝෂණයකළසේක.


නුඹේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී නුඹ පෝෂණයකළාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්