ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 16:22 - Sinhala Revised Old Version

තවද හවෙනි දවසේදී ඔව්හු එකිනෙකාට ඕමෙර දෙකක් බැගින් දෙගුණයක් රැස්කරගත්තේය. සභාවේ සියලු අධිපතීහු අවුත් මෝසෙස්ට ඒ බව කීවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, හය වන දවසේ දී ඔව්හු එකිනෙකාට ලීටර් හතර බැගින් ආහාර දෙගුණයක් රැස් කරගත්හ. ඉන්පසු ප්‍රජා මූලිකයෝ සියලු දෙන මෝසෙස් වෙත පැමිණ මෙය සැළ කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, හය වන දවසේ දී ඔව්හු එකිනෙකාට ලීටර් හතර බැගින් ආහාර දෙගුණයක් රැස් කරගත්හ. ඉන්පසු ප්‍රජා මූලිකයෝ සියලු දෙන මෝසෙස් වෙත පැමිණ මෙය සැළ කළහ.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 16:22
6 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ අණකර තිබෙන දේ මේය–නුඹලා එකිනෙකා තම තමා කන ප්‍රකාරයට එයින් රැස්කරගන්න; නුඹලාගේ ගණනේ හැටියට එකිනෙකා තම තමාගේ කූඩාරමේ සිටින්නන්ට එක්කෙනාට ඕමෙරයක් බැගින් ගන්නැයි කීය.


ඔවුන් එකිනෙකා තම තමා කන ප්‍රකාරයට උදයෙන් උදය එය රැස්කරගත්තෝය. අව්ව තදවූ විට එය දියවී ගියේය.


තවද සවෙනි දවසේදී ඔවුන් ගෙනෙන දේ සූදානම්කරත්වා, එය ඔවුන් දවස්පතා රැස්කරගන්නා ප්‍රමාණය ලෙස දෙගුණයක් වන්නේයයි කීසේක.


නුමුත් මෝසෙස් ඔවුන්ට අඬගැසුවේය; එවිට ආරොන්ද සභාවේ සියලු අධිපතිවරුද ඔහු ළඟට හැරී ආවෝය. මෝසෙස් ඔවුන්ට කථාකෙළේය.


මක්නිසාද එය ජුබිලියක්ය; ඒක නුඹලාට ශුද්ධවන්නේය. ඒකේ අස්වැන්න කෙතෙන්ම ගෙන කන්න.


එසේ නුඹලා අටවෙනි අවුරුද්දේ වපුරා පරණ ඵලයෙන් කන්නහුය; නවවෙනි අවුරුද්දේ ඵල ලැබෙන තුරුම පරණ ඵල කන්නහුය.