Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 16:22 - Sinhala New Revised Version 2018

22 තවද, හය වන දවසේ දී ඔව්හු එකිනෙකාට ලීටර් හතර බැගින් ආහාර දෙගුණයක් රැස් කරගත්හ. ඉන්පසු ප්‍රජා මූලිකයෝ සියලු දෙන මෝසෙස් වෙත පැමිණ මෙය සැළ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 තවද, හය වන දවසේ දී ඔව්හු එකිනෙකාට ලීටර් හතර බැගින් ආහාර දෙගුණයක් රැස් කරගත්හ. ඉන්පසු ප්‍රජා මූලිකයෝ සියලු දෙන මෝසෙස් වෙත පැමිණ මෙය සැළ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 තවද හවෙනි දවසේදී ඔව්හු එකිනෙකාට ඕමෙර දෙකක් බැගින් දෙගුණයක් රැස්කරගත්තේය. සභාවේ සියලු අධිපතීහු අවුත් මෝසෙස්ට ඒ බව කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 16:22
6 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, සෑම කෙනෙකු ම තම තමාට අවශ්‍ය ප්‍රමාණයට ඉන් එකතු කරගත යුතු ය. ගෙයි වැසියන්ගේ ගණන අනුව එකිනෙකා ලීටර් දෙක බැගින් ගත යුතු ය. තවද, ඔබ සැම කෙනෙකු ම තම කූඩාරමේ සිටින අයටත් ගෙන යා යුතු ය”යි කීවේ ය.


ඔව්හු එකිනෙකා තම තමා කන ප්‍රමාණය අනුව උදයෙන් උදය එය රැස් කරගත්හ. අව්ව තද වූ විට එය දිය වී ගියේ ය.


එහෙත්, හය වන දවසේ දී, ඔවුන් දිනපතා එකතු කර ගන්නාක් මෙන් දෙගුණයක් ගෙන, එය පිළියෙළ කළ යුතු ය”යි වදාළ සේක.


එහෙත්, මෝසෙස් ඔවුන් කැඳවූ කල ආරොන් සහ ප්‍රජා මූලිකයන් සියලු දෙන, ඔහු වෙත හැරී ආ විට ඔහු ඔවුන් සමඟ කතා කෙළේ ය.


එය ජුබිලියක් බැවින්, එය නුඹලාට ශුද්ධ වර්ෂයක් විය යුතු ය. නුඹලා වගා නොකළ කෙත්වලින් ලැබෙන අස්වැන්න නුඹලාට කන්නට පුළුවන.


අට වන අවුරුද්දේ නුඹලා වපුරන විට නව වන අවුරුද්ද දක්වා කලින් ලැබූ පලදාව නුඹලාට අනුභව කළ හැකි ය. මෙසේ ඒ අවුරුද්දේ අස්වැන්න නෙළන තෙක් නුඹලාට කෑමට කලින් ලැබුණු පලදාව ප්‍රමාණවත් වේ.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්