නික්මයාම 15:9 - Sinhala Revised Old Version සතුරා කියනුයේ: මම ලුහුබඳින්නෙමි, අල්වාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි. මාගේ ආශාව ඔවුන් කෙරෙහි තෘප්තියට පමුණුවනු ලැබේ; මාගේ කඩුව අදින්නෙමි, මාගේ අත ඔවුන් විනාශකරන්නේයයි කීය. Sinhala New Revised Version සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.” Sinhala New Revised Version 2018 සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.” |
එවිට යෙසෙබෙල්: මා විසින් හෙට මේ වේලාවට පමණ නුඹේ ප්‍රාණය ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ ප්‍රාණය මෙන් වෙන්ට සැලැස්සුවේ නැත්නම් දෙවිවරු මට එසේමත් ඊට වැඩියෙනුත් කෙරෙත්වයි පණිවිඩකාරයෙකු අත එලියාට කියා ඇරියාය.
බෙන්-හදද්ද: සමාරියේ ධූලි මා අනුව එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්ටවත් මදිවෙන තරම් මහත්වූ සෙනඟක් නාවොත් දෙවිවරු මටත් එසේමද ඊටත් වැඩියෙන්ද කෙරෙත්වයි ඔහුට කියා ඇරියේය.
සෙනඟ පලාගිය බව මිසරයේ රජුට දන්වනලද්දේය. එවිට ඵාරාවෝ සහ ඔහුගේ මෙහෙකරුවන්ගේ සිත් සෙනඟට විරුද්ධව වෙනස්වී ඉශ්‍රායෙලිතයන් අපට මෙහෙකිරීමෙන් යන්ට හැර අප විසින් කළේ මොන ක්‍රියාවක්දැයි ඔව්හු කීවෝය.
ස්වාමීන්වහන්සේ යෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන්වන ලෙස තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ ඒ දේශවල සියලු දෙවිවරුන්ගෙන් කවුරුදැයි කීවේය.
එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදාදෙන්නෙමි, බලවන්තයන් සමඟද උන්වහන්සේ කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබ, උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදහත්කම්කරනසේක.
මිසරයේ රජවූ ඵාරාවෝ ඝෝෂාවක් පමණය කියාත් ඔහු නියම ප්‍රස්තාව පසුවී යන්ට හැරියේය කියාත් ඔව්හු එහිදී මොරගසා කීවෝය.
ඔබ ඔහුගේ අධිපතීන්ගේ ප්‍රධානියාට ඔහුගේම හෙල්ලවලින් ඇන්නසේක. ඔව්හු මා විසුරුවාදමන්ට සුළි හුළඟක් මෙන් ආවෝය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්තිකිරීමටය.
නුමුත් ඔහුට වඩා බලවන්තයෙක් ඔහු කරා පැමිණි කල, ඔහු පරාජයකොට, ඔහු විශ්වාසකළ ඔහුගේ සියලු යුද්ධායුධ උදුරාගෙන, කොල්ලකාගත් දේ බෙදාදෙන්නේය.
ඔව්හු කොල්ලය බෙදාගෙන, එකිනෙකාට තරුණියක් එසේය, තරුණියන් දෙන්නෙක්ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක් එසේය, නානා වර්ණ ගෙත්තම් වස්ත්‍රයක්, කොල්ලය ගත් අයගේ කරවල් පිට දෙපැත්තේම නානා වර්ණ ගෙත්තම් කළ වස්ත්‍රයක් නොලැබූදැයි කීවෝය.
මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.