Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 20:10 - Sinhala Revised Old Version

10 බෙන්-හදද්ද: සමාරියේ ධූලි මා අනුව එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්ටවත් මදිවෙන තරම් මහත්වූ සෙනඟක් නාවොත් දෙවිවරු මටත් එසේමද ඊටත් වැඩියෙන්ද කෙරෙත්වයි ඔහුට කියා ඇරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 බෙන්‍-හදද් ද කතා කොට, “සමාරියේ දූවිලි මා පසුපස එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්න වත් මදිවන තරම් විශාල සෙනඟක් නාවොත්, දෙවිවරු මට ඉතා දරුණු ලෙස දඬුවම් කරත් වා”යි ඔහුට දන්වා ඇරියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 බෙන්‍-හදද් ද කතා කොට, “සමාරියේ දූවිලි මා පසුපස එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්න වත් මදිවන තරම් විශාල සෙනඟක් නාවොත්, දෙවිවරු මට ඉතා දරුණු ලෙස දඬුවම් කරත් වා”යි ඔහුට දන්වා ඇරියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 20:10
15 හුවමාරු යොමු  

එවිට යෙසෙබෙල්: මා විසින් හෙට මේ වේලාවට පමණ නුඹේ ප්‍රාණය ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ ප්‍රාණය මෙන් වෙන්ට සැලැස්සුවේ නැත්නම් දෙවිවරු මට එසේමත් ඊට වැඩියෙනුත් කෙරෙත්වයි පණිවිඩකාරයෙකු අත එලියාට කියා ඇරියාය.


ඔබගේ මේ සියලු සේවකයෝද මා වෙතට අවුත් මට වැඳ වැටී: නුඹත් නුඹ අනුව යන මුළු සෙනඟත් ගිය මැනවැයි කියන්නෝය. ඉන්පසු යන්නෙමියි කීවේය. මෙසේ කියා ඔහු තද කෝපයෙන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය.


පහන්වූ කල යුදෙව්වරු සමාගමක් වී පාවුල් මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවුරුමකින් බැඳුණෝය.


බාරාක් සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද කෙදෙෂ්ට අඬගස්වාගත්තේය; මනුෂ්‍යයන් දසදහසක් ඔහු කැටුව ගියෝය. දෙබොරාත් ඔහු සමඟ ගියාය.


පිලිස්තියයා දාවිත්ට කථාකොට: තෝ සැරයටි රැගෙන මා ළඟට එන්නේ මම බල්ලෙක්දැයි කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස්කීවේය.


එබැවින් ඔහු බෙන්-හදද්ගේ පණිවිඩකාරයන්ට කථාකොට: ඔබ පළමුවෙන් ඔබගේ මෙහෙකරුවාට කියා එවූ සියල්ලම කරන්නෙමි. නුමුත් මේ දේ මට කරන්ට බැරිය කියා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට කියන්නැයි කීවේය. පණිවිඩකාරයෝ පිටත්ව ගොස් ඔහුට උත්තරය කීවෝය.


එවිට ඔහු: ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්ට හැරියොත් දෙවියන්වහන්සේ මටත් එසේමද ඊට වැඩියෙන්ද කරනසේක්වයි කීවේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රඥාවන්තයා තමාගේ ප්‍රඥාව ගැන පාරට්ටුකර නොගනීවා, බලවන්තයාද තමාගේ බලය ගැන පාරට්ටුකර නොගනීවා, වස්තුකාරයා තමාගේ වස්තුව ගැන පාරට්ටුකර නොගනීවා.


මිසරයේ රජවූ ඵාරාවෝ ඝෝෂාවක් පමණය කියාත් ඔහු නියම ප්‍රස්තාව පසුවී යන්ට හැරියේය කියාත් ඔව්හු එහිදී මොරගසා කීවෝය.


එවිට සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුරමින්: අදොනියා ඒ වචනය තමාගේම ප්‍රාණයට විරුද්ධව නොකීයේනම් දෙවියන්වහන්සේ මට එසේමත් ඊට වැඩියෙනුත් කරනසේක්වා.


එසේ නුඹට බැරි නම් නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙක් වුවත් එළවාදමන්නේ කොහොමද? රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගන සිටිනවාද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්