නික්මයාම 10:19 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඉතා බලවත් හුළඟක් බස්නාහිරින් හැමවූසේක, පළඟැටියෝ ගහගන ගොස්, රතු මුහුදේ හෙළන ලද්දෝය; මිසරයේ මුළු සීමාව තුළ එක පළඟැටියෙක්වත් ඉතුරුනොවීය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ අපරදිගින් වේගවත් සුළඟක් හමන්නට සැලැසූ සේක. එය පළඟැටියන් ගසාගෙන ගොස් උන් රතු මුහුදට දැමී ය. ඉන්පසු මිසර දේශය පුරා එක පළඟැටියෙක් වත් ඉතිරි නො වී ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ අපරදිගින් වේගවත් සුළඟක් හමන්නට සැලැසූ සේක. එය පළඟැටියන් ගසාගෙන ගොස් උන් රතු මුහුදට දැමී ය. ඉන්පසු මිසර දේශය පුරා එක පළඟැටියෙක් වත් ඉතිරි නො වී ය. |
එහෙත් ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් යන්ට නොහැරියේය.
එහෙත් දෙවියන්වහන්සේ සෙනඟ රතු මුහුද ළඟ වනාන්තරය පාරේ වටකර යන්ට සැලැස්වූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් සන්නාහ සන්නද්ධව ගියෝය.
ඵාරාවෝගේ රථ සහ ඔහුගේ සේනාව උන්වහන්සේ මුහුදට හෙළූසේක. ඔහුගේ තෝරාගත් සේනාපතියෝ රතු මුහුදෙහි කිඳාගියෝය.
මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත්කර, ඔවුන් නිසරු පාළු දේශයකටත්, ඔවුන්ගේ ඉස්සරහ කොටස නැගෙනහිර මුහුදටත්, පසු කොටස බස්නාහිර මුහුදටත් පන්නාදමන්නෙමි; මෙසේ ඔවුන් උඩඟුකම්කළ බැවින්, ඔවුන් ගඳගසා, ඔවුන්ගේ දුර්ගන්ධය නගින්නේයයි කියනවා ඇත.
ඇදහිල්ලෙන්, ඔව්හු රතුමුහුද මැදින් වියළි බිමින් මෙන් ගියෝය. මිසරවරු එසේ කරන්ට උත්සාහකොට ගිලී මළෝය.