Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 10:19 - Sinhala New Revised Version

19 සමිඳාණන් වහන්සේ අපරදිගින් වේගවත් සුළඟක් හමන්නට සැලැසූ සේක. එය පළඟැටියන් ගසාගෙන ගොස් උන් රතු මුහුදට දැමී ය. ඉන්පසු මිසර දේශය පුරා එක පළඟැටියෙක් වත් ඉතිරි නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 සමිඳාණන් වහන්සේ අපරදිගින් වේගවත් සුළඟක් හමන්නට සැලැසූ සේක. එය පළඟැටියන් ගසාගෙන ගොස් උන් රතු මුහුදට දැමී ය. ඉන්පසු මිසර දේශය පුරා එක පළඟැටියෙක් වත් ඉතිරි නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ස්වාමීන්වහන්සේ ඉතා බලවත් හුළඟක් බස්නාහිරින් හැමවූසේක, පළඟැටියෝ ගහගන ගොස්, රතු මුහුදේ හෙළන ලද්දෝය; මිසරයේ මුළු සීමාව තුළ එක පළඟැටියෙක්වත් ඉතුරුනොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 10:19
7 හුවමාරු යොමු  

මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත් කර, ඔවුන් නිසරු, පාළු දේශයකට පලවා හරිමි. පෙරමුණෙහි සේනා මළ මුහුදටත් පසුපස සේනා මධ්‍යධරණි මුහුදටත් පලවා හරිමි. ඔවුන් කළ අහංකාරී ක්‍රියා නිසා ඔවුන්ගේ මළකඳන්වලින් දුගඳ පැතිරී යනු ඇත.


ඇදහිල්ලෙන්, ඔව්හු රතු මුහුද මැදින් වියළි බිමක මෙන් ගමන් කළෝ ය. එසේ යාමට කළ ප්‍රයත්නයේ දී මිසරවරු දියේ ගිලී මළෝ ය.


එතුමාණෝ, පාරාවෝගේ රිය සෙන් හා බළ ඇණි මූද මැද හෙළූ සේක. උසස් ම සෙන්පතීහු ද රතු මූදට බිලි වූ හ.


එහෙයින් උන් වහන්සේ පාළුකරය ඔස්සේ වටවංගු මාර්ගයකින් රතු මුහුද දෙසට ඔවුන් ගෙන ගිය සේක. ඉශ්රායෙල් සෙනඟ ද සන්නාහ සන්නද්ධ ව මිසර දේශයෙන් නික්ම ගියහ.


මෝසෙස් ද පාරාවෝ වෙතින් ගොස් සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. පාරාවෝ ඉශ්රායෙල් ජනයාට යන්නට අවසර නුදුන්නේ ය.


මම සවස සෙවණැල්ලක් මෙන් පහ වී යමි; මම පළඟැටියෙකු මෙන් සුළඟට ගසාගෙන යනු ලබමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්