නුමුත් බලවන්ත රජෙක් නැගිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩුකරමින් තමා කැමැති පරිද්දෙන් කරන්නේය.
දානියෙල් 8:5 - Sinhala Revised Old Version මා කල්පනාකරමින් සිටියදී, බලව, එළුවෙක් බස්නාහිරින් මුළු පොළොව මතු පිට බිම අඩි තබන්නේ නැතුව ආවේය. එළුවාට උගේ ඇස් අතරේ මහත් අඟක් තිබුණේය. Sinhala New Revised Version මේ ගැන මා කල්පනා කරමින් සිටිය දී, එළුවෙක් බිම අඩි නො තබා, මුළු පොළොව හරහා බස්නාහිරින් ආවේ ය. උගේ ඇස් අතරේ විශාල අඟක් තිබුණේ ය. |
නුමුත් බලවන්ත රජෙක් නැගිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩුකරමින් තමා කැමැති පරිද්දෙන් කරන්නේය.
ඔබට පසුව ඔබට වඩා පහත්වූ වෙන රාජ්‍යයක්ද ඉන්පසු මුළු පොළොව කෙරෙහි ආණ්ඩුකරන්නාවූ පිත්තල වැනිවූ තුන්වෙනි රාජ්‍යයක්ද නැගී එන්නාහ.
ඉන්පසු තවත් එකෙකු දුටිමි; ඌ කොටියෙකු මෙන්ය, පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේය; ඒ මෘගයාට හිස් සතරකුත් තිබුණේය; ආණ්ඩු බලයද ඌට දෙනලද්දේය.
ගංගාව ඉදිරියෙහි සිටිනවා මා දුටුවාවූ, අං දෙක ඇති බැටළුවා දෙසට ඌ ඇවිත්, තමාගේ බලවත් කෝපයෙන් ඌ ළඟට දිවුවේය.
එළුවා ඉතා උඩඟුලෙස හැසුරුණේය. නුමුත් ඌ ශක්තිමත්වූ කල මහ අඟ බිඳුණේය; ඒ වෙනුවට මහත් අං සතරක් අහසේ සතර හුළං දෙසට හටගත්තේය.