එවිට ඔහු: මම නුඹ ළඟට කුමකට ආයෙම්දැයි දන්නෙහිද? මම දැන් පර්සියාවේ අධිපතියා සමඟ යුද්ධකරන්ට හැරී යන්නෙමි. මා පිටත්ව ගිය කල ග්‍රීසියේ අධිපතියා එන්නේය.
දානියෙල් 8:21 - Sinhala Revised Old Version රළු එළුවා ග්‍රීසියේ රජය. උගේ ඇස් අතරේ තිබෙන ලොකු අඟ පළමුවෙනි රජය. Sinhala New Revised Version එළුවා නම් ග්‍රීසියේ රජ ය. උගේ ඇස් අතරේ තිබුණ ලොකු අඟ පළමු වන රජු ය. |
එවිට ඔහු: මම නුඹ ළඟට කුමකට ආයෙම්දැයි දන්නෙහිද? මම දැන් පර්සියාවේ අධිපතියා සමඟ යුද්ධකරන්ට හැරී යන්නෙමි. මා පිටත්ව ගිය කල ග්‍රීසියේ අධිපතියා එන්නේය.
තව රජවරු තුන්දෙනෙක් පර්සියාවෙහි නැගිටින්නෝය; සතරවෙනියා සියල්ලන්ට වඩා මහත් වස්තු සපයාගන තමාගේ වස්තුවෙන් බලවත්වූ කල්හි ග්‍රීක් රාජ්‍යයට විරුද්ධව සියල්ලන් පොලඹවන්නේය.
නුමුත් බලවන්ත රජෙක් නැගිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩුකරමින් තමා කැමැති පරිද්දෙන් කරන්නේය.
ඔබට පසුව ඔබට වඩා පහත්වූ වෙන රාජ්‍යයක්ද ඉන්පසු මුළු පොළොව කෙරෙහි ආණ්ඩුකරන්නාවූ පිත්තල වැනිවූ තුන්වෙනි රාජ්‍යයක්ද නැගී එන්නාහ.
ඉන්පසු තවත් එකෙකු දුටිමි; ඌ කොටියෙකු මෙන්ය, පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේය; ඒ මෘගයාට හිස් සතරකුත් තිබුණේය; ආණ්ඩු බලයද ඌට දෙනලද්දේය.
ඒක බිඳුණු විට ඒක වෙනුවට සතරක් අටගත්තාක්මෙන් ඒ ජාතියෙන් රාජ්‍යවල් සතරක් හටගන්නවා ඇත, නුමුත් ඔහු වාගේ බලය ඇතුව නොවේ.
මක්නිසාද මම යූදා දුන්නක් කොට තැත්කවා, එප්‍රායිම් ඊගහක් කොට තබාගතිමි; එම්බා සියොන්, මම නුඹේ පුත්‍රයන් ග්‍රීසියේ පුත්‍රයන්ට විරුද්ධව පොලඹවා, නුඹ බලවන්තයෙකුගේ කඩුවක් මෙන් කරන්නෙමි.