උගේ හිසේ තිබුණු අං දසය ගැනද, යම් අඟක් හටගෙන අං තුනක් හෙළාදැමුවේද ඒ අඟ ගැනද, එනම් ඇස් සහ උඩඟුලෙස කථාකරන මුඛයක් ඇත්තාවූ, අනික් ඒවාට වඩා මහත්ව පෙනුණාවූ අඟ ගැනද අර්ථය දැනගන්ට කැමැතිව සිටියෙමි.
දානියෙල් 7:19 - Sinhala Revised Old Version එකල අනික් සියලු මෘගයන්ට වෙනස්වූ, ඉතාමත් භයානකවූ, යකඩ දත් සහ පිත්තල නියපොතු ඇත්තාවූ, කාදමා පොඩිකර ඉතිරි ඒවා පයින් පෑගුවාවූ සතරවෙනි මෘගයා ගැනද, Sinhala New Revised Version ඊළඟට සතර වන මෘගයා ගැන තතු දැනගන්නට මම කැමැති වීමි. ඒ මෘගයා නම්, සෙසු සියලු මෘගයන්ට වඩා වෙනස් වූ, ඉතාමත් භයානක වූ, යකඩ දත් සහ ලෝකඩ නිය ඇති, ගොදුර පොඩිකර කාදමා ඉතිරි දේ පයින් පාගාදැමූ මෘගයා ය. |
උගේ හිසේ තිබුණු අං දසය ගැනද, යම් අඟක් හටගෙන අං තුනක් හෙළාදැමුවේද ඒ අඟ ගැනද, එනම් ඇස් සහ උඩඟුලෙස කථාකරන මුඛයක් ඇත්තාවූ, අනික් ඒවාට වඩා මහත්ව පෙනුණාවූ අඟ ගැනද අර්ථය දැනගන්ට කැමැතිව සිටියෙමි.
ඉන්පසු රාත්‍රියේ දර්ශනවලදී සතරවෙනි මෘගයෙකු දුටිමි; ඌ භයානකව බලවත්ව ඉතාම ශක්තිමත්ව සිටියේය; මහත් යකඩ දත් ඌට තිබුණේය. ඌ කාදමා පොඩිකර, ඉතිරි ඒවා උගේ පාදවලින් පෑගුවේය. ඌට පළමුවෙන් සිටි සියලු මෘගයන්ට ඌ වෙනස්ය; අං දසයක් ඌට තිබුණේය.
ඒ අං දෙස මා බලාසිටිද්දී, ඒවා අතරේ තවත් කුඩා අඟක් හටගත්තේය, ඒක ඉදිරියෙහි පළමු අංවලින් තුනක් උදුරා දමනු ලැබීය. බලව, මේ අඟට මනුෂ්‍ය ඇස් වැනි ඇස්ද උඩඟුලෙස කථාකරන මුඛයක්ද තිබුණේය.