උදෑසන ඵාරාවෝගේ හිත කැලඹී තිබුණේය; ඔහු පණිවිඩ යවා මිසරයේ සියලු මායාකාරයන්ද සියලු ශාස්ත්‍රකාරයන්ද කැඳවා තමාගේ ස්වප්නය ඔවුන්ට කීවේය; එහෙත් එහි අර්ථය ඵාරාවෝට කියාදීමට පොහොසත්වූ කිසිවෙක් නොසිටියේය.
දානියෙල් 5:8 - Sinhala Revised Old Version එකල රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ ඇතුල්වූහ. නුමුත් ඒ ලියවිල්ල කියවන්ටවත් එහි අර්ථය රජුට දන්වන්ටවත් ඔවුන්ට පුළුවන් නොවීය. Sinhala New Revised Version එවිට රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ පැමිණියෝ ය. එහෙත්, ඒ ලියවිල්ල කියවන්නට වත්, එහි අර්ථය රජුට පහදා දෙන්නට වත් ඔවුන්ට නොහැකි විය. |
උදෑසන ඵාරාවෝගේ හිත කැලඹී තිබුණේය; ඔහු පණිවිඩ යවා මිසරයේ සියලු මායාකාරයන්ද සියලු ශාස්ත්‍රකාරයන්ද කැඳවා තමාගේ ස්වප්නය ඔවුන්ට කීවේය; එහෙත් එහි අර්ථය ඵාරාවෝට කියාදීමට පොහොසත්වූ කිසිවෙක් නොසිටියේය.
නුමුත් ඒ දෙකම එනම් දරුවන් නැතිවීමද වැන්දඹුකමද එක දවසේම හදිසියෙන් නුඹට පැමිණෙන්නේය. නුඹේ බොහෝ මායම්ද නුඹේ රාශි ගණන් මන්ත්‍රද තිබෙද්දීත් ඒවා සම්පූර්ණයෙන්ම නුඹ පිටට පැමිණෙන්නේය.
කඩුවක් කල්දිවරුන්ද බබිලෝනියේ වැසියන්ද ඇගේ අධිපතීන්ද ඇගේ ප්‍රඥාවන්තයන්ද පිටට පැමිණේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
දානියෙල් රජු ඉදිරියේ උත්තරදෙමින්: රජු විචාළ රහස රජුට පෙන්වන්ට ශාස්ත්‍රවන්තයන්ටවත් අනවිනකාරයන්ටවත් මන්ත්‍රකාරයන්ටවත් පේනකියන්නන්ටවත් නුපුළුවන;
මේ ස්වප්නය නෙබුකද්නෙශර් රජ වන මම දුටිමි. බේල්ටෙෂශර්, නුඹ අර්ථය කියන්න, මක්නිසාද මට අර්ථය දන්වන්ට මාගේ රාජ්‍යයේ සියලු ශාස්ත්‍රවන්තයන්ට බැරිය; නුමුත් ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන නිසා නුඹට නම් පුළුවන.
එකල මන්ත්‍රකාරයෝද අනවිනකාරයෝද කල්දිවරුද පේනකියන්නෝද ආවෝය. මම ඔවුන් ඉදිරියෙහි ස්වප්නය කීවෙමි; එහෙත් එහි අර්ථය ඔවුන් මට පෙන්වාදුන්නේ නැත.
මේ ලියවිල්ල කියවා එහි අර්ථය මට දන්වන පිණිස ශාස්ත්‍රවන්තයෝද අනවිනකාරයෝද මා ඉදිරියට පමුණුවනු ලැබුවෝය. නුමුත් කාරණාවේ අර්ථය පෙන්වන්ට ඔවුන්ට බැරිවිය.