හීන්වූ කරල් හොඳ කරල් සත ගිලගත්තේය. මම එය මායාකාරයන්ට කීමි; එහෙත් එය මට ප්‍රකාශකළ හැකිවූ කිසිවෙක් නොවූයේයයි කීය.
දානියෙල් 4:7 - Sinhala Revised Old Version එකල මන්ත්‍රකාරයෝද අනවිනකාරයෝද කල්දිවරුද පේනකියන්නෝද ආවෝය. මම ඔවුන් ඉදිරියෙහි ස්වප්නය කීවෙමි; එහෙත් එහි අර්ථය ඔවුන් මට පෙන්වාදුන්නේ නැත. Sinhala New Revised Version එවිට මන්ත්‍රකාරයෝ ද අනවිනකාරයෝ ද දෛවඥයෝ ද පේන කියන්නෝ ද මා වෙත ආවෝ ය. මම ඔවුන් ඉදිරියේ මා දුටු ස්වප්නය කීවෙමි. එහෙත්, ඔවුන්ට එහි තේරුම මට කියා දෙන්නට නොහැකි විය. |
හීන්වූ කරල් හොඳ කරල් සත ගිලගත්තේය. මම එය මායාකාරයන්ට කීමි; එහෙත් එය මට ප්‍රකාශකළ හැකිවූ කිසිවෙක් නොවූයේයයි කීය.
උදෑසන ඵාරාවෝගේ හිත කැලඹී තිබුණේය; ඔහු පණිවිඩ යවා මිසරයේ සියලු මායාකාරයන්ද සියලු ශාස්ත්‍රකාරයන්ද කැඳවා තමාගේ ස්වප්නය ඔවුන්ට කීවේය; එහෙත් එහි අර්ථය ඵාරාවෝට කියාදීමට පොහොසත්වූ කිසිවෙක් නොසිටියේය.
මම බොරුකාරයන්ගේ ලකුණු හිස්කරන්නාවූ, පේනකියන්නන් උමතු කරන්නාවූ, ශාස්ත්‍රවන්තයන් පස්සට හරවන්නාවූ, ඔවුන්ගේ දැනගැන්ම මෝඩකමට හරවන්නාවූ තැනන්වහන්සේය.
මෙන්න, අෂූරියයා ශෝභන අතුද ඝන සෙවණක්ද ඇත්තාවූ, ඉතා උස්වූ, ලෙබනොන්හි කිහිරි ගසක්ය; එහි මුදුන වලාකුල් අතරෙහි වූයේය.
ශෝභමානවූ, සකල ශාස්ත්‍ර දැනුම් ඇත්තාවූ, දැනගැන්මද ඥානයද ඇත්තාවූ, රජුගේ මාළිගාවෙහි සිටින්ට පුළුවන්කම ඇත්තාවූ යෞවනයන් ගෙන්වාගන, කල්දිවරුන්ගේ අකුරුත් භාෂාවත් උගන්වන්ට කීවේය.
කල්දිවරු රජු ඉදිරියෙහි උත්තරදෙමින්: රජුගේ කාරණය පෙන්වන්ට පුළුවන් මනුෂ්‍යයෙක් පොළොව මතුපිට ඇත්තේ නැත. කිසිම රජෙක් හෝ අධිපතියෙක් හෝ ආණ්ඩුකාරයෙක් හෝ මෙවැනි කාරණයක් මන්ත්‍රකාරයෙකුගෙන්වත් අනවිනකාරයෙකුගෙන්වත් කල්දියයෙකුගෙන්වත් විචාරා නැත.
දානියෙල් රජු ඉදිරියේ උත්තරදෙමින්: රජු විචාළ රහස රජුට පෙන්වන්ට ශාස්ත්‍රවන්තයන්ටවත් අනවිනකාරයන්ටවත් මන්ත්‍රකාරයන්ටවත් පේනකියන්නන්ටවත් නුපුළුවන;
ඔව්හු දෙවෙනි වර උත්තරදෙමින්: රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවන්ට ස්වප්නය කියත්වා, එවිට අපි අර්ථය පෙන්වන්නෙමුයයි කීවෝය.
මේ ස්වප්නය නෙබුකද්නෙශර් රජ වන මම දුටිමි. බේල්ටෙෂශර්, නුඹ අර්ථය කියන්න, මක්නිසාද මට අර්ථය දන්වන්ට මාගේ රාජ්‍යයේ සියලු ශාස්ත්‍රවන්තයන්ට බැරිය; නුමුත් ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන නිසා නුඹට නම් පුළුවන.
එවිට රජ අනවිනකාරයන්ද කල්දිවරුන්ද පේනකියන්නන්ද කැඳවාගෙන එන ලෙස මොරගසාකීය. රජතෙමේ බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන්ට කථාකොට: මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වාදෙන කවුරුනුමුත්, රත්නිල් වස්ත්‍රයක් හඳවනු ලැබ, බෙල්ලේ රන්මාලයක්ද දමනු ලැබ, රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාවන්නේයයි කීවේය.
එකල රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ ඇතුල්වූහ. නුමුත් ඒ ලියවිල්ල කියවන්ටවත් එහි අර්ථය රජුට දන්වන්ටවත් ඔවුන්ට පුළුවන් නොවීය.