ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 2:42 - Sinhala Revised Old Version

පාදවල ඇඟිලිවලින් කොටසක් යකඩව කොටසක් මැටිව තිබුණාක්මෙන්, ඒ රාජ්‍යයෙන් කොටසක් සවිවන්නේය, කොටසක් බිඳී යන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පා ඇඟිලිවලින් කොටසක් යකඩෙන් ද කොටසක් මැටියෙන් ද තිබුණාක් මෙන් ඒ රාජ්‍යයෙන් කොටසක් ශක්තිමත් වන්නේ ය; කොටසක් බිඳෙනසුලු වන්නේ ය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 2:42
4 හුවමාරු යොමු  

පාදවලින්ද පාද ඇඟිලිවලින්ද කොටසක් කුම්භකාරයාගේ මැටිත් කොටසක් යකඩත් බව ඔබ දුටුහෙයින්, ඒ රාජ්‍යය බෙදී තිබෙනවා ඇත; නුමුත් යකඩ මැටි සමඟ මිශ්‍රව තිබෙනවා ඔබ දුටු හෙයින්, යකඩවල සවිය ඒක තුළ වන්නේය.


යකඩ මැටි සමඟ මිශ්‍රව තිබෙනවා ඔබ දුටු හෙයින්, ඔව්හු මනුෂ්‍ය ජාතීන් සමඟ මිශ්‍රවන්නෝය; එහෙත් යකඩ මැටි සමඟ මිශ්‍ර නොවන්නාක්මෙන් ඔව්හු එකිනෙකාට ඇලී නොසිටින්නෝය.


අං දසය නම් මේ රාජ්‍යයෙන් නැගිටින රජවරු දස දෙනෙක්ය. ඔවුන්ට පසුව තවත් එක්කෙනෙක් නැගිටින්නේය; ඔහු පළමු තැනැත්තන්ට වෙනස්ව සිටින්නේය, ඔහු රජවරුන් තුන් දෙනෙක් පහත්කරදමන්නේය.


අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය.