මතු දවස්වල නුඹේ සෙනඟට සිද්ධවෙන්ට තිබෙන කාරණා නුඹට තේරුම්කරදෙන්ට ආවෙමි. මක්නිසාද දර්ශනය [ඉෂ්ටවෙන්ට] තව බොහෝ දවස් ඇත්තේයයි කීවේය.
දානියෙල් 12:8 - Sinhala Revised Old Version මම ඇසුවෙමි, නුමුත් තේරුම් නොගතිමි. එවිට මම: මාගේ ස්වාමිනි, මේ දේවල තීන්දුව කිමෙක්දැයි ඇසීමි. Sinhala New Revised Version මේ වචන මා ඇසූ නමුත්, තේරුම් නොගතිමි. එවිට මම කතා කරමින්, “මාගේ ස්වාමීනි, මේ සියල්ලේ ප්‍රතිඵල කුමක් වන්නේ දැ”යි ඇසීමි. |
මතු දවස්වල නුඹේ සෙනඟට සිද්ධවෙන්ට තිබෙන කාරණා නුඹට තේරුම්කරදෙන්ට ආවෙමි. මක්නිසාද දර්ශනය [ඉෂ්ටවෙන්ට] තව බොහෝ දවස් ඇත්තේයයි කීවේය.
එවිට සිහින් හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට එක්කෙනෙක් කථාකොට: මේ අපූරු දේවල් තීන්දුවීමට කොපමණ කල් ගතවෙනවා ඇද්දැයි ඇසුවේය.
එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන තැනන්වහන්සේ ගැන දිවුරා: කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනඟගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේයයි කියනවා ඇසීමි.
එවිට ශුද්ධවන්තයෙක් කථාකරනවා ඇසීමි; තවත් ශුද්ධවන්තයෙක් කථාකළ තැනැත්තාට කියනුයේ: දවස්පතා පූජාවත් නාස්තිකරන අපරාධයත් ගැන පෙනුණු දර්ශනයේ හැටියට ශුද්ධස්ථානය සහ සේනාවත් පාගාදැමීමට කොපමණ කල් යනවා ඇද්දැයි ඇසුවේය.
මේ දේවලින් කිසිවක් ඔව්හු තේරුම් නොගත්තෝය. කී දේ ඔවුන්ට නොතේරී, මේ කීම ඔවුන්ගෙන් සැඟවී තිබුණේය.
උන්වහන්සේගේ ගෝලයෝ ඒ කාරණා පළමුවෙන් තේරුම් නොගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ මහිමයට පැමිණිකල උන්වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවද ඔවුන් උන්වහන්සේට එසේ කළ බවද ඔව්හු සිහිකළෝය.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.
ඔවුන් තුළෙහිවූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේට නියමවූ වධවිඳීමද ඊට පසු පැමිණෙන තේජසද ගැන කලින් සාක්ෂිදුන් විට, කවර කාලයක් නොහොත් කොයි ප්‍රකාර කාලයක් හැඟවූසේක්ද කියා ඔව්හු සෙවුවෝය.