දානියෙල් 11:18 - Sinhala Revised Old Version තවද ඔහු තමාගේ මුහුණ ද්වීප දෙසට හරවා, බොහෝ ද්වීප අල්වාගන්නේය. නුමුත් අධිපතියෙක් ඔහු විසින් කරන නින්දාව නවත්වනවාත් ඇර, ඔහු කළ නින්දාව ඔහු පිටට හරවන්නේය. Sinhala New Revised Version ඉන්පසු ඔහු සිය අවධානය මුහුදුබඩ පළාත් දෙසට යොමුකර ඒවා බොහොමයක් අල්ලාගන්නේ ය. එහෙත්, විදේශීය අධිපතියෙක් ඔහුගේ නින්දිත ක්‍රියා නතර කොට ඔහු පිටට නින්දාව පමුණුවන්නේ ය. |
මම ඔවුන් අතරේ ලකුණක් තබා, ඔවුන්ගෙන් ගැළවීයන අය මාගේ කීර්තිය නෑසුවාවූ, මාගේ තේජස නුදුටුවාවූ දුරස්තර ද්වීපයන් වන තර්ෂිෂ්හිද පූල්හිද දුනුවායන් සිටින ලූද්හිද තුබල්හිද යාවාන්හිද සිටින ජාතීන් වෙතට යවන්නෙමි; ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස දන්වනවා ඇත.
මක්නිසාද නුඹලා කිත්තිවරුන්ගේ ද්වීපවලට ගොස් බලා, කේදාර්ටත් අසා යවා, හොඳට කල්පනාකර, මෙයාකාර දෙයක් වුණාද කියා බලන්න.
එම්බා ජාතීනි, ස්වාමීන්වහන්සේගේ වචන අසා, දුරස්තර දිවයින්වල දන්වමින් ඉශ්‍රායෙල්වරුන් විසිරෙවු තැනන්වහන්සේ ඔවුන් රැස්කර, එඬේරා තමාගේ රැළ ආරක්ෂාකරන්නැයි ඔවුන් ආරක්ෂාකරනසේකැයි කියන්න.
බාෂාන්හි අලෝන ලීවලින් නුඹේ හබල් සෑදුවෝය; නුඹේ ආසන කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත්දත් ගිල්ලෙවුවෝය.
එප්‍රායිම් විසින් තද ලෙසම කෝප උපදවා තිබේ. එබැවින් ඔහුගේ ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහු පිටට පැමිණෙන්ට ඉඩ ඇර, ඔහුගේ නින්දිතකම ඔහු පිටට පමුණුවනවා ඇත.
ඔවුන් කෙරෙහි ස්වාමීන්වහන්සේ භයංකරව සිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පොළොවේ සියලුම දෙවිවරුන් ක්ෂයකරනසේක; ජාතීන්ගේ සියලුම ද්වීපවල වැසියෝද තම තමුන්ගේ ස්ථානවල සිට උන්වහන්සේට නමස්කාර කරන්නෝය.
මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.
අදොනි-බෙශෙක් කථාකොට: අත්පාවල මාපට ඇඟිලි කපාදමනලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසය යට කෑම ඇහිඳගත්තෝය. මා කළ ලෙස දෙවියන්වහන්සේ මට ප්‍රතිඵල දුන්සේකැයි කීවේය. ඔව්හු ඔහු යෙරුසලමට ගෙනගියෝය, ඔහු එහිදී මළේය.