ඒ සමූහයා අල්වාගත්තාම ඔහුගේ සිත උසස්වන්නේය. මෙසේ ඔහු දස දහස් ගණන් අය හෙළාදමන නුමුත් ජය නොගන්නේය.
දානියෙල් 11:13 - Sinhala Revised Old Version උතුරු දිශාවේ රජතෙමේ හැරී පළමු සමූහයාට වඩා මහත් සමූහයක් නැගුටුවාගෙන, අවුරුදු ගණනකට පසු මහත් සේනාවක් සහ බොහෝ සම්පත්ද ඇතුව එනවා ඇත. Sinhala New Revised Version “මන්ද, අවස්ථාව පැමිණි විට සිරියාවේ රජු පළමු සේනාවට වඩා විශාල සේනාවක් රැස් කරගෙන, ඇති තරම් යුද්ධෝපකරණ සහිත ව මහ සේනාවක් සමඟ ආපසු එන්නේ ය. |
ඒ සමූහයා අල්වාගත්තාම ඔහුගේ සිත උසස්වන්නේය. මෙසේ ඔහු දස දහස් ගණන් අය හෙළාදමන නුමුත් ජය නොගන්නේය.
ඒ කාලවලදී බොහෝ දෙනෙක් දකුණු දිශාවේ රජුට විරුද්ධව නැගිටින්නෝය. නුඹේ සෙනඟගේ බලාත්කාරකම්කරන්නොත් දර්ශනය ඉෂ්ටකරන්ට නැගිට, වැටීයන්නෝය.
තීන්දුවේ කාලයේදී දකුණු දිශාවේ රජ ඔහුට විරුද්ධව පැමිණෙන්නේය. නුමුත් උතුරු දිශාවේ රජ කුණාටුවක් මෙන් රථද අසරුවන්ද බොහෝ නැව්ද ඇතුව ඔහුට විරුද්ධව ඇවිත්, දේශවලට වැද, ජලය මෙන් ගලාගන සැරෙන් පැමිණෙන්නේය.
එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන තැනන්වහන්සේ ගැන දිවුරා: කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනඟගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේයයි කියනවා ඇසීමි.
ඔහුගේ සිත මනුෂ්‍ය සිතක් නොවන හැටියට වෙනස්වී, මෘග සිතක් ඔහුට ලැබී, එසේ ඔහු කාලවල් සතක් පසුකෙරේවා.