අපි නැවත ඔබගේ ආඥා කඩකර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ නෑකම් බඳිමුද? එසේ කළොත්, එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු නොවෙන ලෙස අප නැතිකර දමන තුරු ඔබ අප කෙරෙහි උදහස් නොවනසේක්ද?
ද්විතීය නීතිය 9:8 - Sinhala Revised Old Version හොරේබ්හිදීත් නුඹලා ස්වාමීන්වහන්සේ උදහස් කළහුය, ස්වාමීන්වහන්සේද නුඹලා විනාශකරන තරමට නුඹලාට කෝපවූසේක. Sinhala New Revised Version හොරෙබ් කන්දේ දී පවා ඔබ උන් වහන්සේ කුපිත කළහු ය. එවිට ඔබ වනසාලන තරමට පවා උන් වහන්සේ ඔබ සමඟ කිපුණ සේක. Sinhala New Revised Version 2018 හොරෙබ් කන්දේ දී පවා ඔබ උන් වහන්සේ කුපිත කළහු ය. එවිට ඔබ වනසාලන තරමට පවා උන් වහන්සේ ඔබ සමඟ කිපුණ සේක. |
අපි නැවත ඔබගේ ආඥා කඩකර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ නෑකම් බඳිමුද? එසේ කළොත්, එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු නොවෙන ලෙස අප නැතිකර දමන තුරු ඔබ අප කෙරෙහි උදහස් නොවනසේක්ද?
ඒ ලෑලි දෙවියන්වහන්සේගේ කර්මාන්තයද ලෑලි පිට කොටනලද ලියවිල්ල දෙවියන්වහන්සේගේ ලියවිල්ලද විය.
නුමුත් ඉශ්‍රායෙල් වංශය කාන්තාරයේදී මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් එපාකළෝය; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය; ඔව්හු මාගේ සබත් බොහෝසෙයින් කෙලසුවෝය. එවිට ඔවුන් නැතිකරදැමීමට කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවන්ට සිතුවෙමි.
මක්නිසාද නුඹලා විනාශකිරීමට ස්වාමීන්වහන්සේ නුඹලාට විරුද්ධව උදහස්වී සිටිය උදහසද කෝපයද නිසා භයවීමි. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ වතාවේදීත් මට ඇහුම්කන්දුන්සේක.