Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 1:6 - Sinhala Revised Old Version

6 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හොරේබ්හිදී අපට කථාකොට: නුඹලා මේ කන්දේ විසූ කාලය ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 “අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අපට මෙසේ කතා කළ සේක: ‘නුඹලා මේ කන්ද මත මෙතෙක් කල් විසුවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 “අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අපට මෙසේ කතා කළ සේක: ‘නුඹලා මේ කන්ද මත මෙතෙක් කල් විසුවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 1:6
9 හුවමාරු යොමු  

මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.


බලව, මම හොරේබ්හි පර්වතය පිට එහි නුඹ ඉදිරියෙහි සිටිමි; නුඹ පර්වතයට ගසන්න, සෙනඟට බොන්ට වතුර එයින් නික්මෙන්නේයයි කීසේක. මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවෙහි එසේ කෙළේය.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප සමඟ හොරේබ්හිදී ගිවිසුමක් කළසේක.


යොර්දානෙන් එගොඩ මෝවබ් දේශයේදී මෝසෙස් මේ ව්‍යවස්ථාව ප්‍රකාශකරන්ට පටන්ගෙන මෙසේ කීවේය.


වලාකුළ දෙදවසක් හෝ මසක් හෝ අවුරුද්දක් හෝ මණ්ඩපය පිට නැවතී තිබුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකර තමුන්ගේ කූඩාරම්වල නැවතී සිටියෝය. නුමුත් එය ඔසවනු ලැබූ කල ඔව්හු ගමන් කළෝය.


හොරේබ්හිදීත් නුඹලා ස්වාමීන්වහන්සේ උදහස් කළහුය, ස්වාමීන්වහන්සේද නුඹලා විනාශකරන තරමට නුඹලාට කෝපවූසේක.


ඒ හැටියට හොරේබ්හි රැස්වීමේ දවසේදී නුඹ කථාකොට: මා නොනස්නා පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ නැවත මට නොඇසේවා, මේ මහත් ගින්නත් තවත් මට නොපෙනේවයි කියා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් නුඹ ඉල්ලුවෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්