තවද ඔහු කඳවුරට ළංවූ වහාම වස්සාද නැටීමද දුටුවේය. මෝසෙස්ගේ උදහස ඇවුළුණේය, ඔහු තමාගේ අතින් ලෑලි හෙළා කන්ද මුලදී ඒවා බින්දේය.
ද්විතීය නීතිය 9:16 - Sinhala Revised Old Version මම බැලීමි, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹලා පව්කොට, වහු රූපයක් නුඹලාට වාත්තුකරගෙන, ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ මාර්ගයෙන් නුඹලා ඉක්මනින් අහක්ව ගිය බව දැක, Sinhala New Revised Version මම ද බලන විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ පව් කර තිබෙන බවත්, ඔබට ම වාත්තු කළ පිළිමයක් තනාගෙන තිබෙන බවත් දිටිමි. සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ විගස අන් අතකට හැරී තිබිණි. Sinhala New Revised Version 2018 මම ද බලන විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ පව් කර තිබෙන බවත්, ඔබට ම වාත්තු කළ පිළිමයක් තනාගෙන තිබෙන බවත් දිටිමි. සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ විගස අන් අතකට හැරී තිබිණි. |
තවද ඔහු කඳවුරට ළංවූ වහාම වස්සාද නැටීමද දුටුවේය. මෝසෙස්ගේ උදහස ඇවුළුණේය, ඔහු තමාගේ අතින් ලෑලි හෙළා කන්ද මුලදී ඒවා බින්දේය.
ඔහු ඒවා ඔවුන් අතින් ගෙන කැටයම්කරන ආවුදයකින් හැඩ කොට වාත්තු වස්සෙකු සෑදුවේය. ඔව්හුද: එම්බා ඉශ්‍රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝය.
එවිට මම හැරී කන්දෙන් බැස්සෙමි, කන්ද ගින්නෙන් ඇවුළුණේය. ගිවිසුමේ ලෑලි දෙක මාගේ දෑතෙහි තිබුණේය.