ආබ්‍රම් කෙරෙන් ලොත් වෙන්වූ පසු ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ ඇස් ඔසවා නුඹ සිටින ස්ථානයේ සිට උතුරද දකුණද නැගෙනහිරද බස්නාහිරද දෙස බලන්න.
ද්විතීය නීතිය 34:1 - Sinhala Revised Old Version ඉක්බිති මෝසෙස් මෝවබ් සමභූමිවල සිට යෙරිකෝව ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. ස්වාමීන්වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද, Sinhala New Revised Version ඉක්බිති මෝසෙස් මෝවබ් නම් මිටියාවතින්, නෙබෝ නම් කඳුකරයට ගොස්, ජෙරිකෝ නගරයට ඉදිරියෙන් පිහිටි පිස්ගා කඳු මුදුනට නැංගේ ය. එහි දී සමිඳාණන් වහන්සේ ඔහුට දාන් නගරය දක්වා විහිදුණු මුළු ගිලියද් දේශය ද Sinhala New Revised Version 2018 ඉක්බිති මෝසෙස් මෝවබ් නම් මිටියාවතින්, නෙබෝ නම් කඳුකරයට ගොස්, ජෙරිකෝ නගරයට ඉදිරියෙන් පිහිටි පිස්ගා කඳු මුදුනට නැංගේ ය. එහි දී සමිඳාණන් වහන්සේ ඔහුට දාන් නගරය දක්වා විහිදුණු මුළු ගිලියද් දේශය ද |
ආබ්‍රම් කෙරෙන් ලොත් වෙන්වූ පසු ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ ඇස් ඔසවා නුඹ සිටින ස්ථානයේ සිට උතුරද දකුණද නැගෙනහිරද බස්නාහිරද දෙස බලන්න.
ආබ්‍රම් තමාගේ සහෝදරයා අල්වාගෙන ගිය බව ඇසූ කල තමාගේ ගෙයි උපන්නාවූ පුරුදුකරනු ලැබූ ස්වකීය මිනිසුන් තුන්සිය දසඅට දෙනෙකු රැගෙන දාන් දක්වා ලුහුබැඳ ගියේය.
දෙවියන්වහන්සේගේ දර්ශනවලින් උන්වහන්සේ ඉශ්‍රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස්වූ කන්දක් උඩ මා සිටෙවුසේක; ඒක පිට නුවරක නිර්මාණය වැනි දෙයක් දකුණෙන් තිබුණේය.
බාමොතෙන් මෝවබ් රටේ තිබෙන මිටියාවත සහ කාන්තාරය ඉදිරිපිට තිබෙන පිස්ගා මුදුන දෙසටද ගමන් කළෝය.
ශොල්ඵිම් කෙතෙහි පිස්ගා මුදුනට ඔහු ගෙනගොස් පූජාසන සතක් ගොඩනගා එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ අබාරීම්නම් කන්දට නැගී මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දේශය බලන්න.
නුඹ පිස්ගා මුදුනට නැගී ඇස් ඔසවා බස්නා ඉර දෙසද උතුරු දෙසද දකුණු දෙසද නැගෙනහිර දෙසද නුඹේ ඇස් යොමා බලන්න. මක්නිසාද නුඹ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහිය.
යෙරිකෝව ඉදිරියේ මෝවබ් දේශයෙහි අබාරීම් කඳු අතරේ තිබෙන නෙබෝ කන්දට නුඹ නැගී, උරුමයක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දෙන කානාන් දේශය බලා,
නුඹ දුර සිට දේශය දක්නෙහිය; එහෙත් මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට ඇතුල් නොවන්නෙහියයි කීසේක.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: නුඹේ වංශයට දෙන්නෙමියි කියා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළ දේශය මේය. ඒක නුඹේ ඇස්වලින් දකින්ට සැලැස්වීමි. එහෙත් නුඹ එහි නොයන්නෙහියයි කීසේක.
දාන් පුත්‍රයන්ගේ පළාත ඔවුන්ට මදිව තිබුණ නිසා ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධව යුද්ධකොට එය අල්වාගෙන ඊට කඩු මුවහතින් පහරදී එය හිමිකරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පියවූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝය.
එවිට රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස තමුන් ලබාගන සිටිය තමුන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන්ට කානාන් දේශයේ තිබෙන ෂීලෝහි සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතින් පිටත්ව ගියෝය.
ඔහු මහත්වූ උස්වූ කන්දකට ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මා ගෙනගොස්, ශුද්ධ නුවරවූ යෙරුසලම දෙවියන්වහන්සේගේ තේජස ඇතුව දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය.
ඉශ්‍රායෙල්ට දාව උපන් තමුන්ගේ පියවූ දාන්ගේ නාමය අනුව ඔව්හු ඒ නුවරට දාන් යන නම තැබුවෝය. නුමුත් පළමුවෙන් ඒ නුවර නම ලායිෂ්ය.