Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 22:9 - Sinhala Revised Old Version

9 එවිට රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස තමුන් ලබාගන සිටිය තමුන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන්ට කානාන් දේශයේ තිබෙන ෂීලෝහි සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතින් පිටත්ව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා අණ කළ ලෙස තමන් ලබාගෙන සිටි තමන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන පිණිස කානාන් දේශයේ තිබෙන ෂිලෝහි සිට ඉශ්රායෙල් සෙනඟ කෙරෙන් වෙන් වී පිටත් ව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා අණ කළ ලෙස තමන් ලබාගෙන සිටි තමන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන පිණිස කානාන් දේශයේ තිබෙන ෂිලෝහි සිට ඉශ්රායෙල් සෙනඟ කෙරෙන් වෙන් වී පිටත් ව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 22:9
19 හුවමාරු යොමු  

ගාද් පුත්‍රයන් සහ රූබෙන් පුත්‍රයන් සියල්ලන්ම යුද්ධයට සැරසී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සමඟ යොර්දානෙන් එතරට ගියොත්, දේශය නුඹලා ඉදිරියෙහි යටත්කරනු ලැබූ කල්හි, ගිලියද් දේශය උරුමයක් කොට ඔවුන්ට දෙන්න.


අපේ බාලයෝද අපේ භාර්යාවෝද අපේ සිව්පාවෝද අපේ සියලු ගවයෝද මෙහි ගිලියද් නුවරවල සිටින්නෝය.


රූබෙන් පුත්‍රයන්ටද ගාද් පුත්‍රයන්ටද ගවයෝ ඉතා මහත් සමූහයක් වූහ. ඔව්හු යාසේර් දේශයද ගිලියද් දේශයද සිව්පාවුන්ට සුදුසු ස්ථානයක් බව දුටුවෝය.


ගිලියද් මාගේය, මනස්සේද මාගේය; එප්‍රායිම්ද මාගේ හිසට ආරක්ෂාවය; යූදා මාගේ ජයකොන්තයය.


ගිලියද් දේශයෙන් අර්ධයක්ද බාෂාන්හි තිබුණ ඕග් රජුගේ රාජ්‍යයේ නුවරවල් වන අෂ්ටාරොත්ද එද්‍රෙයිද මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයන්ට එනම් මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.


ඔවුන්ගේ පළාත නම් යාශෙර්ද ගිලියද්හි සියලු නුවරවල්ද රබ්බා ඉදිරිපිට තිබෙන අරොයෙර් දක්වා අම්මොන් පුත්‍රයන්ගේ රටෙන් දෙකෙන් කොටසද,


ගිලියද්ද ගෙෂූර්වරුන්ගෙත් මයකාත්වරුන්ගෙත් පළාතද මුළු හෙර්මොන් කඳුකරයද අෂ්ටාරොත්හිත් එද්‍රෙයෙහිත් රජකම් කළාවූ


කානාන් දේශයෙහි තිබෙන යොර්දානේ අසබඩ පළාතට ඔවුන් පැමුණුණ කල රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද එහි යොර්දාන ළඟ පූජාසනයක් එනම් දැකීමට මහත් පූජාසනයක් ගොඩනැගුවෝය.


ගිලියද් යොර්දානෙන් එතර විසීය. දාන් තෙමේ නැව්වල කුමට නැවතී සිටියේද? ආෂෙර් මුහුදු වෙරළේ නිශ්චලව ඉඳගෙන තමාගේ කලපු ළඟ විසීය.


ගිලියද්ද අෂූර්වරුන්ද යෙස්‍රෙයෙල්ද එප්‍රායිම්වරුන්ද බෙන්යමින්වරුන්ද මුළු ඉශ්‍රායෙල්ද කෙරෙහි ඔහු රජකමට පත්කෙළේය.


නැගෙනහිරට ඔව්හු ප්‍රාත් ගංගාවේ පටන් කාන්තාරයට ඇතුල්වෙන තැන දක්වා වාසයකළෝය. මක්නිසාද ඔවුන්ගේ සිව්පාවෝ ගිලියද් දේශයෙහි බහුලව සිටියෝය.


එවිට මෝසෙස් ඔවුන්ට කථාකොට: නුඹලා මේ දේ කරමින්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යුද්ධයට යාමට සැරසී,


පසුව නුඹලාට ආපසු එන්ට පුළුවන, එසේ නුඹලා ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ද ඉදිරියෙහි නිදොස්ව සිටින්නහුය; මේ දේශයද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට උරුමයක් පිණිස වන්නේය.


මම එකල්හි නුඹලාට අණකොට: මේ දේශය හිමිකරගන්නා පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය නුඹලාට දී තිබේ. සන්නාහ සන්නද්ධව නුඹලාගෙන් බලවන්තයන් ව සිටින සියල්ලන් නුඹලාගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙරටුව යන්ට ඕනෑය.


ස්වාමීන්වහන්සේ නුඹලා මෙන් නුඹලාගේ සහෝදරයන්ද එහි පදිංචිකරවන තුරුද යොර්දානෙන් එගොඩ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට දෙන දේශය ඔවුන් හිමිකරගන්නා තුරුද නුඹලා ගොස් පසුව එකිනෙකා මා නුඹලාට දී තිබෙන දේශයට හැරී එන්න කියා නුඹලාට කීමි.


ඉක්බිති මෝසෙස් මෝවබ් සමභූමිවල සිට යෙරිකෝව ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. ස්වාමීන්වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද,


එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්