ද්විතීය නීතිය 33:4 - Sinhala Revised Old Version යාකොබ්ගේ සභාවේ උරුමයක් කොට මෝසෙස් අපට ව්‍යවස්ථාවක් පනවා දුන්නේය. Sinhala New Revised Version ජාකොබ්ගේ පෙළපතට උරුම කොට දුන් මෝසෙස් පැනවූ ව්‍යවස්ථා පිළිගන්නෝ ය. Sinhala New Revised Version 2018 ජාකොබ්ගේ පෙළපතට උරුම කොට දුන් මෝසෙස් පැනවූ ව්‍යවස්ථා පිළිගන්නෝ ය. |
ස්වාමීන්වහන්සේ තමන්වහන්සේද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද අතරේ සීනයි කන්දේදී මෝසෙස් ලවා පිහිටුවනලද පනත්ද විනිශ්චයයන්ද ව්‍යවස්ථාද මේවාය.
මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.
මෝසෙස් නුඹලාට ව්‍යවස්ථාව දුන්නා නොවේද? එහෙත් නුඹලාගෙන් කිසිවෙක් ව්‍යවස්ථාව නොපවත්වයි. මා මරන්ට සොයන්නේ මක්නිසාදැයි කීසේක.
මා නුඹලාට අණකරන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වන පිණිස මා නුඹලාට අණකරන වචනයට කිසිවක් එකතුකිරීමවත් එයින් කිසිවක් අඩුකිරීමවත් නොකරන්න.