Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 26:46 - Sinhala Revised Old Version

46 ස්වාමීන්වහන්සේ තමන්වහන්සේද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද අතරේ සීනයි කන්දේදී මෝසෙස් ලවා පිහිටුවනලද පනත්ද විනිශ්චයයන්ද ව්‍යවස්ථාද මේවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සීනයි කන්ද මත, ඉශ්රායෙල් ජනයා හා තමන් වහන්සේ අතර පිහිටුවාගත් ව්‍යවස්ථා, අණපණත් සහ නීති මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සීනයි කන්ද මත, ඉශ්රායෙල් ජනයා හා තමන් වහන්සේ අතර පිහිටුවාගත් ව්‍යවස්ථා, අණපනත් සහ නීති මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 26:46
15 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයන් සඳහා ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට දුන් ආඥා මේවාය.


නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන දේශයේදී නුඹලා භූමිය මතුපිට ජීවත්වෙන සියලුම දවස්වල නුඹලා විසින් රක්ෂාකරන පිණිස බලාගන්ට ඕනෑවූ පනත්ද විනිශ්චයවල්ද මේවාය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් නුඹේ දවස් වැඩිවෙන පිණිසත්,


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගොස්, උන්වහන්සේට භයව, උන්වහන්සේගේ ආඥා රක්ෂාකොට, උන්වහන්සේගේ හඬට කීකරුව, උන්වහන්සේට සේවයකර, උන්වහන්සේට ඇලුම්ව සිටින්න.


ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට කථාකොට කියනසේක්:


මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.


ඔබ මෝසෙස් හා ආරොන් ලවා බැටළු රැළක් මෙන් ඔබගේ සෙනඟ ගෙනගියසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස කොහාත්වරුන්ගේ පවුල්වලින් සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකළාවූ, මෝසෙස් හා ආරොන් විසින් ගණන්කරන ලද්දාවූ සියල්ලෝ මොව්හුය.


මෙසේ ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකළ සියල්ල කළෝය.


ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට අණකළාවූ දවන පූජාවේද ආහාර පූජාවේද පාප පූජාවේද අපරාධ පූජාවේද කැප කිරීමේදී ශාන්ති පූජා යාගයේද නියමය ඒකය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


ස්වාමීන්වහන්සේ යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකෙරෙවූ ආඥාද විනිශ්චයවල්ද මේවාය.


බලව, නුඹලා හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ හොරේබ්හිදී කළ ගිවිසුම හැර උන්වහන්සේ මෝවබ් දේශයෙහිදී ඔවුන් සමඟ කරනලෙස මෝසෙස්ට අණකළ ගිවිසුමේ වචන මේය.


යාකොබ්ගේ සභාවේ උරුමයක් කොට මෝසෙස් අපට ව්‍යවස්ථාවක් පනවා දුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්