ඔබ දවල් වලා ටැඹකින්ද ඔවුන් යන මාර්ගයේදී ඔවුන්ට එළිය දෙන පිණිස රෑ ගිනි ටැඹකින්ද ඔවුන් ගෙනගියසේක.
ද්විතීය නීතිය 32:12 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ පමණක්ම ඔහු ගෙනගිය සේක, අන් දෙවිකෙනෙක් උන්වහන්සේ සමඟ නොසිටියේය. Sinhala New Revised Version ඔවුන්ට මඟපෙන්වූයේ සමිඳාණන් පමණෙකි; අන් දෙවියෙක් එතුමන් සමඟ නො වී ය. Sinhala New Revised Version 2018 ඔවුන්ට මඟපෙන්වූයේ සමිඳාණන් පමණෙකි; අන් දෙවියෙක් එතුමන් සමඟ නො වී ය. |
ඔබ දවල් වලා ටැඹකින්ද ඔවුන් යන මාර්ගයේදී ඔවුන්ට එළිය දෙන පිණිස රෑ ගිනි ටැඹකින්ද ඔවුන් ගෙනගියසේක.
ස්වකීය සෙනඟ කාන්තාරය මැදින් ගෙනගිය තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; මාගේ සතුරන් නිසා සමතලා මාර්ගයෙක්හි මා ගෙනගිය මැනව.
බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුනමැනව; කෙරුබිම් පිට වැඩහිඳින තැනන්වහන්ස, බැබළුව මැනව.
මහලු වයස දක්වාත් මම එසේමය, හිස පැසීම දක්වාත් මම නුඹලා උසුලන්නෙමි. මම සෑදීමි, මමම නුඹලා දරාගෙන මමම උසුලාගන ගළවන්නෙමි.
ගවරැළ මිටියාවතට බසින්නාක්මෙන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් නිශ්චල භාවයට පැමිණෙවුසේක. තේජවත් නාමයක් ලබාගැනීමට ඔබ එසේ ඔබගේ සෙනඟ ගෙනගියසේක.
මනුෂ්‍ය ලනුවලින්ද ප්‍රේමයේ බැඳුම්වලින්ද ඔවුන් ඇදගතිමි; ඔවුන්ගේ කම්මුල් පිට තිබුණු වියගහ උස්සන්නන් මෙන් මම ඔවුන් උදෙසා සිට, ඔවුන් ඉදිරියෙහි කෑම තැබීමි.
මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයා උසුලා ගෙනයන්නාක් මෙන් නුඹලා මේ ස්ථානයට පැමිණෙන තෙක් ආවාවූ මුළු මාර්ගයෙහිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ උසුලා ගෙනා බව නුඹ දැකලා තිබේ.
ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.
එසේ නුඹට පෙන්වනලද්දේ ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේ බවත් උන්වහන්සේ මිස වෙන දෙවිකෙනෙක් නැති බවත් නුඹ දැනගන්න පිණිසය.
එබැවින් ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිත් පහත පොළොවෙහිත් දෙවියන්වහන්සේ බවද වෙන දෙවිකෙනෙක් නැති බවද අද දවසේ දැනගෙන ඒ බව නුඹේ සිතේ තබා ගන්න.
මක්නිසාද අප සහ අපේ පියවරුන්ද මිසර දේශය වන වාල්කමේ ගෙදරින් පිටතට ගෙනාවෙත්, අපේ ඇස් ඉදිරියේදී ඒ මහත් හාස්කම් කළෙත්, අප ගිය මුළු මාර්ගයේදීද අප පසුකර ආවාවූ සියලු සෙනඟ අතරේදීද අප ආරක්ෂාකළෙත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, උන්වහන්සේමය.