ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 30:11 - Sinhala Revised Old Version

අද මා විසින් නුඹට අණකරන මේ ආඥාව නුඹට අමාරු වැඩිවූ එකක්වත් දුරව තිබෙන එකක්වත් නොවේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“මා ඔබට අද නියම කරන මේ පණත දුෂ්කර එකක් වත්, ඉටු කරන්නට අපහසු එකක් වත් නොවේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“මා ඔබට අද නියම කරන මේ පනත දුෂ්කර එකක් වත්, ඉටු කරන්නට අපහසු එකක් වත් නොවේ.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 30:11
6 හුවමාරු යොමු  

මා කථාකළේ රහසින් නොවේය, පොළොවේ අඳුරු තැනකදී නොවේය. නිකමට මා සොයන්නැයි යාකොබ්ගේ වංශයට නොකීවෙමි. ස්වාමීන්වහන්සේ වන මම ධර්මිෂ්ඨ දේ කියමි, යුතු දේ ප්‍රකාශකරමි.


මක්නිසාද මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කීකරුවන්නෙහිනම්, නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන් නැවත නුඹට යහපත පිණිස නුඹ කෙරෙහිත් ප්‍රසන්නවනසේක.


අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා ස්වර්ගයට නැගී, එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය ස්වර්ගයෙහි තිබෙනවා නොවේ.