මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන ගිවිසුමේ සියලු ශාපවල ප්‍රකාරයට නපුර පිණිස සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඔහු වෙන්කරනසේක.
මේ නීති සංග්‍රහය ලියන ලද ගිවිසුමට සම්බන්ධ සාප සියල්ල අනුව සමිඳාණන් වහන්සේ ඔහු විපතට හෙළනු පිණිස සියලු ම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඔහු වනසාලන සේක.
මක්නිසාද: මාගේ උදහසත් කෝපයත් යෙරුසලමේ වැසියන් පිටට වැගුරුණාක්මෙන්, නුඹලා මිසරයට පැමුණුණාම නුඹලා පිටටත් මාගේ කෝපය වැගිරෙනවා ඇත. නුඹලා ඇවීමක්ද විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නහුය; මේ ස්ථානය නුඹලා තවත් දකින්නෙත් නැතැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
මාගේ අතද නිෂ්ඵල දේ දකින්නාවූ බොරු දිවස් කියන්නාවූ අනාගතවක්තෘවරුන්ට විරුද්ධවන්නේය. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝය. ඉශ්‍රායෙල් වංශයේ ලේකම් පොතේ ලියනු නොලබන්නෝය, ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය; මෙසේ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.
ඔහුට තදබලලෙස අච්චුකොට, වංචාකාරයන් සමඟ ඔහුගේ කොටස නියමකරන්නේය; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේය.
එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට,
එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න.
මොව්හු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝයයි කීසේක.
ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ වංශය කෙරෙහි පුදුමවූ පීඩාවල් එනම් මහත්වූ පවතින්නාවූ පීඩාද නපුරුවූ පවතින්නාවූ රෝගද පමුණුවනසේක.
ඇරත් මේ ව්‍යවස්ථා පොතෙහි නොලියනලද සියලු රෝග පීඩාද නුඹ විනාශවෙන තුරු ස්වාමීන්වහන්සේ නුඹ පිටට පමුණුවනසේක.
මක්නිසාද මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කීකරුවන්නෙහිනම්, නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන් නැවත නුඹට යහපත පිණිස නුඹ කෙරෙහිත් ප්‍රසන්නවනසේක.
ම ඔවුන් පිට විපත්ති ගොඩකරන්නෙමි; මාගේ ඊගස් සියල්ලම ඔවුන්ට විදින්නෙමි.