මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ වමාරාකන්නාවූ සියල්ලන් නුඹලාට කන්ට පුළුවන.
ද්විතීය නීතිය 14:7 - Sinhala Revised Old Version එසේ වී නුමුත් වමාරා කනවුන්ගෙන්ද කුරය බෙදී වෙන්ව තිබෙනවුන්ගෙන්ද නුඹලා නොකෑ යුතු සත්තු නම්: ඔටුවාත් හාවාත් බෙන්හාවාත්ය; උන් වමාරා කන නුමුත් උන්ගේ කුරය බෙදී නැති නිසා නුඹලාට අපවිත්‍රය. Sinhala New Revised Version එහෙත්, වමාරා කන සතුන් අතරෙන් හෝ කුර බෙදී වෙන් වී ඇති සතුන් අතරෙන් හෝ කෑමට අවසර නැති සත්තු නම් ඔටුවා, හාවා සහ බෙන් හාවා ය. මොවුන් වමාරා කන නමුත් උන්ගේ කුර බෙදී නැත. එබැවින් මොවුන් අපවිත්‍ර සතුන් මෙන් සැලකිය යුතු ය. Sinhala New Revised Version 2018 එහෙත්, වමාරා කන සතුන් අතරෙන් හෝ කුර බෙදී වෙන් වී ඇති සතුන් අතරෙන් හෝ කෑමට අවසර නැති සත්තු නම් ඔටුවා, හාවා සහ බෙන් හාවා ය. මොවුන් වමාරා කන නමුත් උන්ගේ කුර බෙදී නැත. එබැවින් මොවුන් අපවිත්‍ර සතුන් මෙන් සැලකිය යුතු ය. |
මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ වමාරාකන්නාවූ සියල්ලන් නුඹලාට කන්ට පුළුවන.
යමෙක් මාගේ මේ වචන අසා, ඒවා පිළි නොපදීද, ඔහු වැලි මත්තෙහි තමාගේ ගෙය සාදාගත් නුවණ නැති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.
මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ, වමාරා කන්නාවූ සියලු මෘගයන් නුඹලාට කන්ට පුළුවන.
ඌරාගේ කුරය බෙදී තිබෙන නුමුත් ඌ වමාරා නොකන නිසා නුඹලාට අපවිත්‍රය. නුඹලා උන්ගේ මස් නොකෑ යුතුය, උන්ගේ මළකුණු ස්පර්ශනොකළ යුතුය.
ඔව්හු දෙවියන්වහන්සේ දැනගන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශකරති.