ස්වාමීන්වහන්සේගේ ශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ නිවාසයට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.
ද්විතීය නීතිය 11:28 - Sinhala Revised Old Version ශාපය වන්නේ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවලට කීකරු නොවී, නුඹලා නාඳුනන අන් දෙවිවරුන් අනුව යමින්, මා විසින් අද නුඹලාට අණකරන මාර්ගයෙන් අහක්ව ගියොත්ය. Sinhala New Revised Version දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත්වලට අකීකරු වී, මා අද දින නියම කරන මාර්ගයෙන් අන් අතකට හැරී, ඔබ නාඳුනන අන් දෙවිදේවතාවන් පසුපස යන්නහු නම්, එය සාපයක් වන්නේ ය. Sinhala New Revised Version 2018 දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත්වලට අකීකරු වී, මා අද දින නියම කරන මාර්ගයෙන් අන් අතකට හැරී, ඔබ නාඳුනන අන් දෙවිදේවතාවන් පසුපස යන්නහු නම්, එය සාපයක් වන්නේ ය. |
ස්වාමීන්වහන්සේගේ ශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ නිවාසයට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.
නුඹලා අකැමැතිව කැරළිගසන්නහු නම්, කඩුවෙන් මැරුම්කන්නහුය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළසේක.
විදේශියාටද මවුපියන් නැත්තාටද වැන්දඹුවටද පීඩා නොකර, මේ ස්ථානයෙහි නිදොස් ලේ නොවගුරුවා, නුඹලාටම අන්තරාය සිදුවීමට අන්‍ය දෙවිවරුන් පස්සේ නොගොස් සිටින්නහු නම්,
එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න.
මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.