Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 11:28 - Sinhala New Revised Version

28 දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත්වලට අකීකරු වී, මා අද දින නියම කරන මාර්ගයෙන් අන් අතකට හැරී, ඔබ නාඳුනන අන් දෙවිදේවතාවන් පසුපස යන්නහු නම්, එය සාපයක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත්වලට අකීකරු වී, මා අද දින නියම කරන මාර්ගයෙන් අන් අතකට හැරී, ඔබ නාඳුනන අන් දෙවිදේවතාවන් පසුපස යන්නහු නම්, එය සාපයක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 ශාපය වන්නේ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවලට කීකරු නොවී, නුඹලා නාඳුනන අන් දෙවිවරුන් අනුව යමින්, මා විසින් අද නුඹලාට අණකරන මාර්ගයෙන් අහක්ව ගියොත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 11:28
10 හුවමාරු යොමු  

දුදනන්ගේ මන්දිර මත සමිඳුන්ගේ සාපය වැටෙනු ඇත; සුදනන්ගේ නිවෙස්වලට එතුමාණෝ ආසිරි දෙන සේක.


අකීකරු වී කැරලි ගසන්නහු නම් කඩුවෙන් මැරුම් කන්නහු ය.” සමිඳාණෝ සිය සිරි මුවෙන් මෙය වදාළ සේක.


එහෙත්, දුෂ්ටයන්ට වන විපතක මහත! ඔවුන්ගේ ක්‍රියාවල ඵල විපාක ඔවුන් පිට ම වැටෙනු ඇත.


විදේශිකයාට ද අනාථයාට ද වැන්දඹුවට ද පීඩා නොකරන්න. මේ ශුද්ධස්ථානයේ නිදොස් ලේ නොවගුරන්න. අන් දෙවිවරුන්ට නමස්කාර කිරීම නුඹලාට අන්තරායදායක බැවින් එසේ නොකරන්න.


“එවිට උන් වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට, ‘සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න.


අනෙක් අතට, ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තබන්නෝ සාපයට යටත් ව සිටිති. එසේ වන්නේ: “ව්‍යවස්ථාව පොතෙහි ලියා ඇති සියල්ල ම නොකඩවා නොරකින සියලු දෙනාට ම සාපයක් ඇතැ”යි ලියා තිබෙන බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්